මාවනැල්ල පොලිස් වසමේ කිරිගල හන්දිය ප්රදේශයේ දී කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර පිස්තෝල අවි 02 ක්, මැගසින් 05ක්, ඊයම් බෝල 156ක් සහ බෝර 12 ගිනි අවිය සඳහා භාවිතා කරන උණ්ඩ 20 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනුණු සැකකරු අවුරුදු 34ක් වන මුරුතවල ප්රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.
සැකකරු පැය 72ක රැඳවුම් නියෝග ලබාගෙන මාවනැල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
