අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන දුන් බලාපොරොත්තුව

අධ්‍යාපනයේ නව අභියෝග ජයගැනීම සඳහා, නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

උසස් අධ්‍යාපනය සඳහා සිසුන්ට ගතවන කාලය අවුරුද්දකට ආසන්න,කාලයකින් අඩුකර ගැනීම පිණිස, මෙවර සිට උසස් පෙළ විභාග ප්‍රතිඵල කඩිනමින් නිකුත් කිරීම ඉන් එක් ඉලක්කයක් බවද ඔහු සඳහන් කළේය. මේ වනවිටත් ජනාධිපතිතුමා ඇතුළු රජය විශ්වවිද්‍යාල සිසුන් 50 000( පනස් දහසක්) සඳහා ඉඩකඩ වෙන්කර ඇති බවද අමාත්‍යවරයා කීය.
සෑම,ගුරුවරයෙක් ම පුහුණු ගුරුවරයෙක් බවට පත්කිරීම තවත් ඉලක්කයක් බව පැවසූ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, දරුවන්ට පමණක් නොව, දරුවන්ට උගන්වන සියලු ගුරුවරුන් තොරතුරු තාක්ෂණ (IT) දැනුමෙන් සන්නද්ධ කිරීම අනෙක් ඉලක්කය බවද පැවසීය. 

විශ්වවිද්‍යාලයෙන් ශිෂ්‍යයෙකු විශ්වවිද්‍යාලයෙන් පිටවන විට තොරතුරු තාක්ෂණ දැනුමෙන් පරිපූර්ණ විය යුතු බවට තීරණයක් ගෙන තිබෙන බවද ඔහු සඳහන් කළේය.
එමෙන්ම මවුබසට අතිරේකව, භාෂාවක් ලෙස, පාසල්වල ඉංග්‍රීසි අඛණ්ඩව ඉගැන්වීමද නව වැඩපිළිවෙළට අයත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුයේ පසුගියදා රැස්වූ පාර්ලිමේන්තුවේ අධ්‍යාපන උපදේශක කාරක සභාවේදීද මෙම බොහෝ කාරණා පිළිබඳ සාකච්ඡා වූ බවය.

 විද්‍යා පීඨවලින් පිටවන ගුරු සිසුන්ගේ ගුණාත්මකභාවයට හානි නොවන සේ ඔවුන්ට උපාධියක් ලබාදීම සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වූ බව ඔහු කියා සිටියේය.
රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරීන්ගෙන් 22000කට ආසන්න සංඛ්‍යාවක් ගුරු සේවය සඳහා බඳවා ගැනීමට හැකියාව ඇති බවත් ඔවුන් ඒ සඳහා ඉල්ලුම් කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19