මම හිත් වේදනාවකින් ඉන්නේ – කුමාර තිරිමාදුර

කුමාර තිරිමාදුර කියන්නේ ලංකාවේ බොහෝ දෙනා ආදරය කරන ආදරණීය රංගන ශිල්පියෙක්. හාස්‍ය රංගන ශිල්පියෙක් වගේම චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස තිරිමාදුර කලා ක්ෂේත්‍රයේ දිනා ඇති නම ඉහළයි.

කෙසේවෙතත් පසුගිය දිනෙක යූ ටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් තිරිමාදුර පවසා සිටියේ තමන් මහත් ශෝකයකින් සිටින බවත් ඇතැම්විට රටින් යෑමට වුව ඉඩ තිබෙන බවයි. ලහිරු මුදලිගේ මෙහෙය වන Stand with Lahiru වැඩසටහනේදී ඔහු මේ බව පවසා සිටියා.

එහිදී ඔහු වැඩිදුරටත් මෙලෙස පවසා සිටියා,

‘මට දෝණිලා දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් අමන්දා. එයා ඩයලොග් ආයතනයේ. අනෙක් දෝණි ඉක්මනින් බැන්දා. එයාලා රටෙන් පිටවෙන්න හදනවා. විවිධ හේතු නිසා. ඒකට අවශ්‍ය උදව් පදව් කරමින් ඉන්නවා. සමහරවිට ලහිරු මේ වැඩසටහන මගේ අවසාන වැඩසටහන වෙයිද දන්නේ නැහැ. සමහර වෙලාවට මටත් දරුවොත් එක්ක යන්න වෙයිද දන්නේ නැහැ. මම හිත් වේදනාවකින් ඉන්නවා ලහිරු. මේ රටෙන් ඒගොල්ලෝ යන්න හදනවා. මට අන්තිමට මං ඉතාලියේ තනිවුණා නෙවෙයි මං මහරගම තනිවුණා කිය කිය මට ඉන්න පුළුවන්. මම දන්නේ නැහැ. ඒගොල්ලෝ එන්න කිව්වොත් යන්න වෙනවා. දරුවෝ එක්ක ඉන්න වෙනවා. නමුත් මම උත්සාහ කරනවා මෙහේ ඉන්න. මේ රට හොඳ තත්ත්වයකට එනකල් තවම බලාගෙන ඉන්නේ.’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09


?