අධික වැසි සහිත කාලගුණයත් සමඟ පාසල් පැවැත්වීම ගැන තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන බලධාරීන්ට

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හමුවේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් තීරණ ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව සඳහන් කරනවා.

ඒ, අනුව යම් ප්‍රදේශයක පවතින ආපදා තත්ත්වය ගංවතුර අවදානම හෝ මාර්ග අවහිරතා සලකා බලමින් අදාළ ප්‍රදේශයේ පාසල් තාවකාලිකව වසා තැබීමට හෝ පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තීරණය කිරීමට එම බලධාරීන්ට බලය හිමිවන බවයි ලේකම්වරයා පැවසුවේ.