තවත් වියදම දරන්න බෑ.. කොරෝනා ආසාදිතවන් නිවසේ රදවන්නැයි රජයෙන්ම යෝජනා…

කොරෝනා මර්දනය ගැන කතා කරනකොට කොවිඩ් වැලදුණු, එහෙත් සංකූලතා පෙන්වන්නේ නැති පිරිස් සඳහා අදාළ පහසුකම් තිබේනම් සිය නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වත්තල තරුණ බල මණ්ඩලය පිහිටුවමින් (24) දින වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ පැවති උත්සවයකට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“අපි මහජන නියෝජිතයෝ හැටියට ගම්වලට ගියාම ජනතාව අපෙන් ඉල්ලන දෙයක් තමා නිරෝධායන මධ්‍යස්ථානවල වගේම ගෙවල්වලත් නිරෝධායනය වෙන්න අවස්ථාව දෙන්න කියලා. ජනතාවගේ අදහස වෙලා තියෙන්නේ තැන් තැන්වල ගෙනිච්චට කමක් නැහැ. සංකූලතා නැතිනම්, රෝගාබාධ නැතිනම් නිවසේ නිරෝධායනයට අවස්ථාව දෙන්න කියලා. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාගෙන්, කොරෝනා මර්දන කමිටුවෙන් හා අදාළ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ජනතාවගේ එම ඉල්ලීම සලකා බලා නිරෝධායන ක්‍රියාවලිය නිවසේ සිට සිදු කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා.

රජයෙන් නොමිලේ ලබාදෙන නිරෝධායන වැඩපිළිවෙල තිබුනත් සියලු දෙනා එම ස්ථානවලට ගෙනියන්න බැහැ. හෝටල්වලට ගියාම විශාල මුදලක් අය කරනවා. මේක සමහර අයට දරා ගන්න බැහැ. ඒනිසා සමහර අය මේ සම්බන්ධයෙන් නොසතුට පළ කරනවා. අපි මේක තේරුම් ගන්න ඕනේ මහ ජනතාව සමඟ ඉන්න පුද්ගලයින් හැටියට.

කොරෝනා පාලනයට සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ විශාල සේවාවක් ඉටුකළා. ඒයාලට අපේ ගෞරවය පුද කළ යුතුයි.

අපි දැක්කා විදෙස් ගතව සිටින ජනතාව සමාජ මාධ්‍ය ඔස්සේ අපේ රටට ඔවුන්ව ගෙන්වා ගන්න කියලා විවිධ ප්‍රකාශ නිකුත් කරනවා. අපි පැහැදිලිව කියනවා එම පිරිස් ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. පසුගිය 21 වෙනිදා සිට ගුවන් තොටුපල විවෘත කිරීමත් සමග ඔවුනට ලංකාවට පැමිණීමට අවස්ථාව උදාවෙලා තිබෙනවා. අදාළ පීසීආර් පරීක්ෂණ කරලා සෞඛ්‍ය උපදෙස් මාලාවක් යටතේ නිවසේ නිරෝධායනය වීමට අවස්ථාව සලසා දිය යුතු“ බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

– මාධ්‍ය ඒකකය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56
Video thumbnail
සෝමාවතියේ චෛත්‍යය මළුව ජල කඳින් ය#වෙලා..මහ ජලකඳ මැද්දේ අලියෙක් සෙල්ලම් කරන හැටි
01:13
Video thumbnail
සර් මට පොල්ලක් කැඩෙනකම් ගැ#වා - මාව වෙව්ලුවා..මව කඳුළු වගුරමින් දරුවාට වූ අසාධාරණය හෙළිකරයි
07:10
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10


?