‘අන්තර්ජාල මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්න‘

අන්තර්ජාලය පදනම් කරගත් මූල්‍ය වංචාවලින් පරෙස්සම් වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සමාජ ජාල, අන්තර්ජාලය පදනම් කරගත් සහ ජංගම දුරකතන යෙදුම් (ඇප්) හරහා විවිධ ආකාරයේ මූලය වංචා සිදු කෙරෙන බවට තොරතුරු ලැබී ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

එම වංචා බොහෝමයක් මහජනතාව ආකර්ෂණය කරගන්නා අන්තර්ජාලය හෝ ජංගම දුරකතන පදනම් කරගත් පහසු ණය යෝජනා ක්‍රම හරහා සිදු කෙරෙන බවත් එවැනි ණය අයදුම්පත් ඇගයීමේ ක්‍රියාවලියේදී, වංචාකරුවන්  සාමාන්‍ය ජනතාවගේ කාඩ්පත්වල (හරපත් හා ණය පත් (ඩෙබ්ට් කාඩ් හා ක්‍රෙඩිට් කාඩ්)) පෞද්ගලික රහස්‍ය තොරතුරු, අන්තර්ජාල බැංකුකරණයට අදාළ විස්තර යනාදිය ලබාගැනීමට උත්සාහ කරන බව ද මහ බැංකුව කියයි.

එබැවින් මූල්‍ය ගනුදෙනුවලට යොමු වීමේදී ණය දෙන පාර්ශවයේ සම්පූර්ණ තොරතුරු ලබාගන්නැයි ද හැකි සෑම අවස්ථාවකදීම නිසි පරිදි නියාමනය වන හෝ යම්කිසි නියාමන අධිකාරියක නියාමනයට ලක්වන ආයතන කෙරෙහි විශ්වාසය තබන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලයි.

එමෙන්ම මෙවැනි ගනුදෙනුවලදී ඉතා සුපරීක්ෂාකාරී වන්නැයි ද තමන්ගේ කාඩ්පත් හෝ අන්තර්ජාල බැංකුකරණයට අදාළ මුරපද හෝ අනන්‍යතාව තහවුරු කරන විස්තර වෙනත් පුද්ගලයන් සමඟ හුවමාරු කර නොගන්නැයි ද මහ බැංකුව ඉල්ලයි.
ඊට අමතරව බැංකු හෝ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් ගනුදෙනු සම්බන්ධයෙන් එසැණින් තොරතුරු ලබාදෙන කෙටි පණිවුඩ සේවා සක්‍රීය කරගන්නැයි ද ශ්‍රී ලංකා මහ බැංකුවේ ජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටියි. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රභාටත් බැරිවුණ එක ඔයාලා කරලා දුන්නා - අපිට මාර සතුටුයි
04:05
Video thumbnail
ගිංගගේ පාවෙමින් තිබියදි නාඳුනන පිරිමි නිසල සිරුරක් හමුවෙයි - මෙන්න එහි දර්ශන
00:37
Video thumbnail
සුවිප් ටිකට් ඇදිලා බලයට ආ කල්ලතෝනීන්ට අරහත් ධජය නවත්තන්න බෑ - ගින්දර අළුයට හැංඟිලා තියෙන්නේ
05:53
Video thumbnail
අජිත් පී පෙරේරා පාර්ලිමේන්තුව දෙවනත් කරයි
12:11
Video thumbnail
ජනාධිපති සමඟ සාකච්ඡාවට මහනායක හිමිවරුන් පැමිණෙන අයුරු - වාහන ටික පෝළිමට එන හැටි
02:33
Video thumbnail
ශිරන්ති බලන්න මහින්ද වැලිකඩට
00:19
Video thumbnail
ශිරන්තිව බලන්න දයාසිරිත් වැලිකඩට - මේ රටට වැඩ කරපු මිනිස්සු
01:17
Video thumbnail
අනේ මහත්තයෝ..දෙයියන්ගේ නාමයෙන් විශ්‍රාම යන්න - මේ පච කියන්නේ සේවා දිගු මස් කට්ට ගන්න ?
01:45
Video thumbnail
මුජිබුර්ගේ කතාව නිසා අගමැතිනිට රතු කට්ට පනී
13:01
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12