BPL ඉතිහාසයේ වේගවත්ම 50 සුනිල්ගේ පිත්තෙන්…

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට Comilla Victorians කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක සුනිල් නරේන් සමත් වුණා.

බදාදා(16) පැවැති මෙවර තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයේ දී (2nd Qualifier) Chattogram Challengers කණ්ඩායමට එරෙහිවයි.

මීර්පූර්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් Chattogram කණ්ඩායම පන්දුවාර 19.1ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 148ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Comilla කණ්ඩායම පන්දුවාර 12.5ක් පමණක් වැය කරමින් කඩුලු 3ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ සුනිල් නරේන්ගේ සුපිරි ප්‍රහාරයෙන් සවිමත් වෙමින්.

පන්දු 16කදී ලකුණු 57ක් ලබා ගත් ඔහු සිය අර්ධ ශතකය වාර්තා කළේ පන්දු 13කින්.(දර්ශන පහතින්)

ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් හා හතරේ පහර 5ක් ඇතුළත්.

ඒ අනුව තරගාවලියේ අවසන් තරගය හෙට(18) මෙරට වේලාවෙන් පස්වරු 5ට ආරම්භ වන්නේ Comilla Victorians කණ්ඩායම හා Fortune Barishal කණ්ඩායම අතරයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
02:42
Video thumbnail
බලවතුන් නිසා තැන්පත්කරුවන්ගේ මුදල්වලට බලපෑම් රැසක් එල්ල වෙලා
04:23
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23