ඇෆ්ගනිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්

ඇෆ්ගනිස්ථානයේ ෆයිසාබාද් නගරය කේන්ද්‍ර කොටගෙන රික්ටර් පරිමාණයේ 5.7 ක ප්‍රබලතාවකින් යුතු භූ කම්පනයක් අද (05) උදෑසන සිදුව තිබෙනවා.

එහි කේන්ද්‍රය ෆයිසාබාද් නුවරට කිලෝමීටර 95 ක් ඈතින් පිහිටි අතර පොළව මතුපිට සිට කිලෝමීටර 181 ක් ගැඹුරෙන් එම කම්පනය සිදුව ඇති බව සඳහන්.

භූ කම්පනය ඉන්දියාවේ ජම්මු කාශ්මීර ප්‍රාන්තයට මෙන්ම නවදිල්ලියට ද දැනී ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

නමුත් මෙම භූ කම්පනයෙන් සිදු වූ හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?