ශ්‍රී පාද වන්දනාවේ ගිය 5කට කොරෝනා

ශ්‍රීපාද වන්දනාවේ ගිය, ගාල්ල විද්‍යාලයක රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 04 දෙනෙකුට හා ක්‍රීඩකයකුගේ මවට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනෙකු දෙමව්පියන් සමග ජනවාරි 17 වැනිදින ශ්‍රීපාදවන්දනාවේ ගොස් ඇත. මේ අතරින් ක්‍රීඩකයින් දෙදෙනෙකු හික්කඩුව ප්‍රදේශයේ හා අනික් අය විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. 18 වැනිදින මෙම පිරිස නුවරඑළිය බලාගොස් එහි ලැගුම්හලක එකක නතරවී සිට ඇති බවද යලි මොවුන් ගාල්ලට පැමිණ ඇති අතර එහිදි රගර් ක්‍රීඩකයකුගේ මවට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද ඒ මහතා පවසයි.

මොවුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලීනිවසක පදිංචිව සිට ඇත. පසුව රගර් ක්‍රීඩකයාට කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුද ආසාදිතයකු බව තහවුරුවී ඇත. පසුව හික්කඩුව ප්‍රදේශයේ පදිංචි රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනාට ද පි.සි.ආර් පරික්ෂණවලදි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. මෙම පි.සි ආර් පරික්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකර තිබේ.

පාසල් රගර් ක්‍රිඩකයින් 04 දෙනා කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ සිට අම්බලන්ගොඩ පොල්වත්ත කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා යොමුකරණ බවද ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09