spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී පාද වන්දනාවේ ගිය 5කට කොරෝනා

ශ්‍රීපාද වන්දනාවේ ගිය, ගාල්ල විද්‍යාලයක රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 04 දෙනෙකුට හා ක්‍රීඩකයකුගේ මවට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පවසයි.

රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනෙකු දෙමව්පියන් සමග ජනවාරි 17 වැනිදින ශ්‍රීපාදවන්දනාවේ ගොස් ඇත. මේ අතරින් ක්‍රීඩකයින් දෙදෙනෙකු හික්කඩුව ප්‍රදේශයේ හා අනික් අය විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් ය. 18 වැනිදින මෙම පිරිස නුවරඑළිය බලාගොස් එහි ලැගුම්හලක එකක නතරවී සිට ඇති බවද යලි මොවුන් ගාල්ලට පැමිණ ඇති අතර එහිදි රගර් ක්‍රීඩකයකුගේ මවට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇති බවද ඒ මහතා පවසයි.

මොවුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලීනිවසක පදිංචිව සිට ඇත. පසුව රගර් ක්‍රීඩකයාට කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුද ආසාදිතයකු බව තහවුරුවී ඇත. පසුව හික්කඩුව ප්‍රදේශයේ පදිංචි රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනාට ද පි.සි.ආර් පරික්ෂණවලදි කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරුවී ඇත. මෙම පි.සි ආර් පරික්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකර තිබේ.

පාසල් රගර් ක්‍රිඩකයින් 04 දෙනා කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ සිට අම්බලන්ගොඩ පොල්වත්ත කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානය සදහා යොමුකරණ බවද ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?