බැංකුවක් කඩයි

හොරණ තිබ්බොටුගොඩ ප්‍රදේශයේ පිහිටි සමූපකාර බැංකු ශාඛාවක් කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇතැයි වාර්තා වේ.

අද (02) අලුයම් කාලයේ දී කිසියම් පිරිසක් විසින් බැංකුවෙහි ඉදිරිපස දොරටුවේ අඟුළු කඩා ඇති බව පොලීසිය පවසයි.

බැංකු සේවකයින් කිහිපදෙනෙක් බැංකුව විවෘත කිරීම සඳහා පැමිණි අවස්ථාවේදී එහි ඉදිරිපස දොර විවෘතව ඇති බව දැක පොලීසියට දැනුම් දී තිබේ.

ඒ අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

එහිදී සොරුන් ඉදිරිපස දොරින් ඇතුළු වී සේප්පු කාමරය දක්වා ගොස් ඇතැයි තහවුරු වී තිබේ.

එසේ වුවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ, බැංකුවේ රන් භාණ්ඩ හා මුදල් තැන්පත් කර ඇති සේප්පුවලට කිසිදු හානියක් සිදුව නොමැති බවය.

හොරණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.