AFC Banner
Empty Ad
Empty Ad

බ්‍රේක් කැඩුණු ලොරිය – CCTV

කහතුඩුව, පොල්ගස්ඕවිට හන්දියේ දී සිමෙන්ති පටවාගෙන පැමිණෙමින් තිබූ තිබු ලොරි රථයක් යතුරුපැදියක, ත්‍රිරෝද රථයක හා මෝටර් රථයක ගැටීමෙන් අනතුරට පත්වේ.

පසුව විදුලි උපාංග අලෙවි කරන වෙළෙඳ මධ්‍යස්ථානයක් තුළට කඩා වැදීමෙන් ලොරි රථය නතර වී ඇතැයි කහතුඩුව පොලීසිය පවසයි.

අනතුරින් යතුරු පැදිකරු හා ත්‍රිරෝද රථ රියදුරු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය සඳහන් කරයි.

පිළියන්දල දෙස සිට මත්තෙගොඩ දෙසට ධාවනය වෙමින් තිබියදී  තිරිංග අක්‍රිය වීම හේතුවෙන් එම අනතුර සිදුවී ඇතැයි පොලීසිය පවසයි.

අනතුරින් වෙළෙඳසැලට විශාල හානියක් සිදුව ඇති අතර, යතුරුපැදියට හා ත්‍රිරෝද රථයට ද බරපතළ හානි සිදුව තිබේ.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කහතුඩුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.

එම අනතුර සිදුවන අයුරු මෙලෙස CCTV කැමරාවක සටහන්ව තිබුණි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?