පොකිරිස්සන් ඇල්ලු දෙදෙනෙක් අත් අඩංගුවට

සංචාරකයින්ට අලෙවි කිරීම සඳහා, හික්කඩුව-කොරල්පර මුහුදු අභයභූමියේ දුර්ලභ ගණයේ පොකිරිස්සන් ඇල්ලූ දෙදෙනෙකු ඊට යොදාගත් උපකරණ ද සමඟ හික්කඩුව වනජීවි නිලධාරින් අත් අඩංගුවට ගෙන ඇත.

ඔවුන් අද (27) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම ට නියමිතයි.