5,000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබා දීම ගැන වාර්තාවක් එලියට

රටේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ සහන සැලසීමේ අරමුණින් රාජ්‍ය සේවකයන්ට රජය විසින් ලබා දෙන රුපියල් 5,000 දීමනාව පෞද්ගලික අංශයට ද ලබා දීමට අමාත්‍ය මණ්ඩලය වෙත අවධානය යොමු කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වෘත්තීය සමිති, පෞද්ගලික අංශයේ හාම්පුතුන් සහ වතු හිමියන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පැවැත් වූ බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවා.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡා පැවැත්වුණා.

කම්කරු කොමසාරිස් ජනරාල්වරයාට අනුව, සාකච්ඡාවලදී වෘත්තීය සමිති පෙන්වා දී ඇත්තේ පවතින ආර්ථික තත්ත්වය හමුවේ පෞද්ගලික සමාගම්වල සේවා යෝජකයින් සහ හිමිකරුවන් හට මේ වෙලාවේ රුපියල් 5000ක මුදලක් ලබා දීමට නොහැකි බවයි.

ඒ අනුව මේ සියලු කරුණු ඇතුළත් වාර්තාවක් අවසන් තීරණයක් සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40