කොරෝනා මරණ 14ක් වාර්තා වෙයි

කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 14 දෙනකු ඊයේ (23) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (24) තහවුරු කළේය.

ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,313 දක්වා ඉහළ ගොස් ඇත.

මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 6 දෙනකු, අවුරුදු 30 ත් 59 ත් අතර 7 දෙනකු සහ වයස අවුරුදු 30ට අඩු එක් අයකු වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ දැක්වේ.

එමෙන්ම පිරිමි අය 8 දෙනකු සහ කාන්තාවන් 6 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?