ශ්‍රි පාද වන්දනාවේ ගිය කාන්තාවක් හිටිහැටියේ මිය යයි

ශ්‍රි පාද වන්දනාවේ පැමිණි කාන්තාවක් හදිසියේ රෝගාතුර වි මස්කෙලිය රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු (23) දින අලුයම 4 ට පමණ එම කාන්තාව මියගොස් ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

මෙසේ මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ නැගැටිය ප්‍රදේශයේ සිට පවුලේ සමාජිකයන් සමග ශ්‍රි පාද වන්දනාවේ හැටන් මාර්ගය ඔස්සේ පැමිණි බි.එම්.මාලනි (49) හැවිරිදි කාන්තාවයි.

මිය ගිය කාන්තාව පවුලේ සමාජිකයන් සමග (23) දින අලුයම ශ්‍රි පාදස්ථානය කරුණා කරමින් සිටින අවස්තාවේ මකර තොරණ ප්‍රදේශයේදි හදිසියේ රෝගාතුර විම නිසා පවුලේ සමාජිකයන් විසින් එම කාන්තාව මස්කෙලිය රෝහල වෙත රැගෙන ගොස් ඇතුලත් කිරිමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටියදි ඇය මියගොස් ඇති බවයි නල්ලතන්නිය පොලිසිය කියා සිටියේ.

මරණය සම්බන්ධයෙන් නල්ලතන්නිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?