සපුගස්කන්ද යළිත් දැවි තෙල් අර්බුදයක

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පොරොන්දු වූ ඩීසල් මෙටි්‍රක් ටොන් දස දහසම මේ වනවිට කැලණිතිස්ස බලාගාරයට ලබාදීමට කටයුතු කර තිබෙනවා.බලාගාරයේ ප්‍රධාන ඉංජිනේරුවරයා පැවසුවේ, ඊයේ රාත්‍රිය වනවිට අදාල ඉන්ධන තොගයම බලාගාරය වෙත ලැබුණු බවයි.

ඊයේ දහවල් වනවිට කැලණිතිස්ස විදුලි බලාගාර දෙක ම ජාතික විදුලිබල පද්ධතියට නැවත එක් කිරීමට කටයුතු කෙරුණා.

දිනකට කැලණිතිස්ස බලාගාරයෙන් මෙගාවොට් 286ක් ජාතික පද්ධතියට එක් කෙරෙන අතර, ඒ සඳහා දිනකට ඩීසල් මෙටි්‍රක් ටොන් 1500ත් 1800ත් අතර ප්‍රමාණයක් වැය වනවා.

ඒ අනුව ඛනිජ තෙල් සංස්ථාවෙන් ලද ඩීසල් තොගය විදුලිය නිෂ්පාදනය සඳහා තවත් දින 08ක කාලයකට ප්‍රමාණවත්.

එසේම, සපුගස්කන්ද විදුලි බලාගාරයද යළිත් දැවි තෙල් අර්බුදයකට මුහුණ දී සිටිනවා.එහි දැවිතෙල් අද දිනය සඳහා ප්‍රමාණවත්ව පවතින අතර, එමඟින් ජාතික විදුලිබල පද්ධතියට එක්කෙරෙන ධාරිතාවය මෙගාවොට් 108ක්.
කෙසේවෙතත් සපුගස්කන්ද බලාගාරයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණවත්ව ඇත්තේ තවත් පැය 09 කට පමණක් බවත් එහි අනෙක් බලාගාරයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය ඉන්ධන ඇත්තේ තවත් පැය 20 ක කාලයකට පමණක් බවත් ඇන්ඩෘ නවමනී මහතා ප්‍රකාශ කළා

මේ අතර, මෙගාවොට් 300ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරුණු නොරොච්චෝලේ බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් තවදුරටත් අක්‍රිය ව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32