භානුක ගේ අවසන් තීරණය හෙටට කල් යයි

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමුදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හමුවී තිබෙනවා.

මෙහිදී, භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ගත් තීරණය පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ සමඟ දීර්ඝ සාකච්ඡාවක් පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙහිදී විශ්‍රාම ගැනීමට ගත් තීරණය යළි සලකා බලන ලෙස ක්‍රීඩා අමාත්‍යවරයා නැවතත් භානුකගෙන් ඉල්ලා ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තවදුරටත් සලකා බලා හෙට දින සිය තීරණය ක්‍රීඩා අමාත්‍යවරයාට දැනුම් දෙන බවයි.

ජනවාරි 03 වැනි දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලිපියක් යවමින් භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කළේය.

මෙම සාකච්චාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන්, විශේෂයෙන්ම නව සම නැමීම් මට්ටම් සමඟින් ක්‍රීඩා කිරීමට තමාට ඇති අපහසුතාවන් පිළිබඳවත් ක්‍රීඩා අමාත්‍යවරයා ව දැනුවත් කර තිබෙනවා.

මෙම යෝග්‍යතා මට්ටම් කරා පැමිණීමට සිය ශරීරය හැඩ ගැසුවහොත් එය ඔහුගේ පහර දීමේ බලයට දැඩි හානියක් සිදුකරනු ඇති බවට තමන් විශ්වාස කරන බවත් මෙහිදී භානුක ක්‍රීඩා අමාත්‍යවරයාට පවසා තිබෙනවා.

භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාවට සමුදෙන බව ප්‍රකාශ කළ සැනෙන් මෙරටින් බිහි වූ සුපිරි වේග පන්දු යවනනෙකු වූ ලසිත් මාලිංග ඔහුගේ තීරණය නැවත සලකා බලන ලෙස දෙවරක් ඉල්ලා සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් ප්‍රධානි හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනත් භානුක රාජපක්ෂ සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වුණා.

ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ පැවති මෙම හමුව සම්බන්ධීකරණය කර තිබුනේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී ක්‍රිස් බල්තසාර් විසින්.

ඔහු මෙම හමුව පිලිබඳ ඡායාරූපයක් ඔහුගේ ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවාසනාවන්ත ලෙස පුද්ගලයෙකුට ජීවිතය අහිමි වෙයි
01:47
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:30
Video thumbnail
සංවිධානාත්මක අපරාධකරුවෙකු බලෙන් කරගෙන ගිය නයිට් ක්ලබ් එකක් පොලිසිය වටලයි
00:50
Video thumbnail
දෙවුන්දර පෙරහැරේ කාවඩි නවත්තපු එක ගැන නාමල් කතාකරයි
10:27
Video thumbnail
නාමල්ව මිනිස්සු වැඳලා පිළිගත්ත හැටි
02:41
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14