සිවිල් ඉංජිනේරුවරයා ගේ අලුත්ම රස්සාව

අධිකරණ සේවිකාවකගේ ගෙල බැඳි රන් මාලය කුරුණෑගල නගරයේ දි කඩාගෙන පලා යාමට තැත් කළ සිවිල් ඉංජිනේරුවෙකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය සඳහන් කර සිටිනවා.

සේවය අවසන් කළ මෙම සේවිකාව නිවසට යාම සඳහා කුරුණෑගල නගර මධ්‍යයේ පිහිටි උමං මාර්ගය ඔස්සේ ගමන් කරමින් ඇගේ ගෙළ බැඳි රන්මාලය කඩාගෙන ඇත.

ඒ අවස්ථාවේ අදාළ සේවිකාව උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර කුරුණෑගල ඔරලෝසු කණුව අසල රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට එය ඇසී සැකකරු හඹා ගොස් තිබේ.

නුවර පාරේ පිහිටි පෞද්ගලික බැංකුවක රථගාල දක්වා දිව ගිය සැකකරු එහි නවතා තිබූ වාහනයක් යට සැඟව සිටියදී පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සන්තකයේ තිබූ මාලය සහ පෙන්ඩනය ද පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහු ගලේවෙල ප්‍රදේශයේ පදිංචි සිවිල් ඉංජිනේරුවකු බවත්, මත්කුඩුවලට ඇබ්බැහිවීම නිසා සොරකමට පුරුදු වී ඇති බවත් අනාවරණය වී ඇත



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35
Video thumbnail
මාලනියගේ නිසල දේහය සහිත පෙට්ටිය මත වැටී ඥාතීන් හඬා වැටෙන අයුරු
01:01
Video thumbnail
මාලනියගේ අවසන් මතක සටහන අරගෙන මිනිස්සු පාරේ ඉන්න හැටි - ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ
02:07
Video thumbnail
මුන් තමයි හොරු මහත්තයෝ..අපේ හොරා - නාමල්ගේ කතාවට පිටුපසින් කෑගහලා කියූ දේ
01:47
Video thumbnail
මහින්ද, ගෝඨාභය සහ නාමල් ඇතුළු පාක්ෂිකයින් සීනිගම දේවාලයට - දෙවියන් උදෙසා විශේෂ පූජාවක්
01:49
Video thumbnail
ජාතියේ යශෝරාවයේ දේහය රථ පෙළපාලියෙන් රැගෙන යන අයුරු - ආදරය අරන් පිටුපසින් එන මහ සෙනඟ
02:04
Video thumbnail
කඳුළු ගංඟාවක් මැද නන්දා මාලනියගේ දේහය නිවසින් රැගෙන යන අයුරු - ඥාතීන් හඬා වැටෙයි
02:59
Video thumbnail
ඇමති නලින්ද සහ සුනිල් සෙනෙවි නන්දාට සමුදෙන්න ආ හැටි - නලින්ද දේහය ළඟ සංවේදී වූ මොහොත
01:28
Video thumbnail
සෞම්‍ය ලියනගේ නන්දා මාලනිය ගැන කළ ගැඹුරු විග්‍රහය - ඇයගේ නිර්මාණ මැදිහත්වීම අසමසමයි
04:12