සුසිල්ව එලවා දැමූ කවුරුත් නොදත් හේතුව හෙළිවෙයි

සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කරනු ලැබුවේ බුද්ධි අංශ ලබාදුන් වාර්තාවක් පදනම් කරගෙන බවට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පසුගිය දා අනාවරණයක් සිදු කළා.

ඒ අනුව රට තුළ මතුව ඇති උග්‍ර ආර්ථික අර්බුදය හමුවේ ආණ්ඩුව සතුව විසඳුම් නොමැති වීම හේතු කොටගෙනත්, ආණ්ඩුව ජනතාව අතර දැඩි අප්‍රසාදයට ලක්වීම හේතුකොට ගෙනත් අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුව ඇතුළේ සාකච්ඡාවක් සිදුව ඇති බවට බුද්ධි අංශ වාර්තා කොට ඇති බවට සැකයක් මත මෙසේ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍ය තනතුරෙන් ඉවත් කොට ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය කාලසීමාව පුරා මේ සම්බන්ධයෙන් සාකච්ඡා වී ඇති බවත්, එහිදී අවුරුද්දක කාලයකට නව ප්‍රධානියකු යටතේ අන්තර්වාර ආණ්ඩුවක් පිහිටුවා යම් න්‍යාය පත්‍රයකට අනුව කටයුතු කළ යුතු බවට යෝජනා වී ඇති බවක්ද දැනගන්නට තිබෙනවා.

ඒ සඳහා විපක්ෂයේ සහාය ලබාගැනීමට විපක්ෂයේ දේශපාලන පක්ෂ සමගද සාකච්ඡා වටයක් පැවැත්වී ඇති බවද වාර්තා වනවා.

එසේ අවුරුද්දක කාලයකට පිහිටුවාගනු ලබන අන්තර්වාර ආණ්ඩුවක් යටතේ 20 වැනි සංශෝධනය අහෝසි කිරීමටත්, ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීමටත්, අඩුපාඩු ඉවත් කොට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යළි පණගැන්වීමටත් යෝජනා වී ඇති බවද දැනගන්නට ඇත.

වසරක කාලයකින් පසු මහ මැතිවරණයකට යෑමටද එහිදී යෝජනා වී ඇති බවක්ද වාර්තා වේ.

මෙම ක්‍රියාවලියෙහි ප්‍රධාන මැදිහත්කරුවකු වශයෙන් සුසිල් ප්‍රේමජයන්ත හඳුනාගෙන තිබීම මෙසේ ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට හේතු පාදක වී ඇති බවද දැනගන්නට තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
159
Subscribe
Notify of
5 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37
Video thumbnail
විපතට පත්වූවන්ට පිහිටවෙන්න "අප්පච්චි" එයි.."අප්පච්චි බුදුවෙන්න ඕනේ මිහිපිටට දිව්‍ය පුත්‍රයෙක්"
06:42
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.19
00:00


?