ප‍්‍රබල සුළි කුණාටුවක් ශ‍්‍රී ලංකාව දෙසට

ඉදිරි පැය 24 අවදානම් !

නිවාර් නම් ප‍්‍රබල සුළි කුණාටුව ශ‍්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 10.30 වනවිට එය කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර් 325 ක් දුරින් මුහුදු ප‍්‍රදේශයේ ස්ථානගතව පැවතුනා.

අද පස්වරු 05.30 වනවිට එය කන්කන්තුරයට කිලෝ මීටර් 263 ක් දුරින්ද, හෙට අලූයම 05.30 වනවිට කිලෝ මීටර් 168 ක් දුරින් ද, ස්ථානගතව පවතිනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම සුළි කුණාටුව ඉදිරි පැය 24 ක කාලය තුළ චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය විය හැකි බවට ද අනුමාන කෙරෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර පැවසුවේ උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ජීවත්වන ජනතාව මතුවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි. 

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, තී‍්‍රකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටිය යුතු වනවා. දැනට මෙම මුහුදු ප‍්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසටයි දැනුම් දෙන්නේ. 
පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප‍්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී වඩාත් අවදානයෙන් පසුවන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. 
ඉදිරි පැය 24 ක කාලය තුළ උතුරු පළාත දැඩි අවදානමක පවතින බවත්, මිලිමීටර් 100 කට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බවටත්, එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. නිවාර් සුළි කුණාටුවේ බලපෑම අනිද්දා වනතුරු පවතිනු ඇති. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13


?