ප‍්‍රබල සුළි කුණාටුවක් ශ‍්‍රී ලංකාව දෙසට

ඉදිරි පැය 24 අවදානම් !

නිවාර් නම් ප‍්‍රබල සුළි කුණාටුව ශ‍්‍රී ලංකාව දෙසට ගමන් කරමින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද උදෑසන 10.30 වනවිට එය කන්කසන්තුරය වෙරළට කිලෝ මීටර් 325 ක් දුරින් මුහුදු ප‍්‍රදේශයේ ස්ථානගතව පැවතුනා.

අද පස්වරු 05.30 වනවිට එය කන්කන්තුරයට කිලෝ මීටර් 263 ක් දුරින්ද, හෙට අලූයම 05.30 වනවිට කිලෝ මීටර් 168 ක් දුරින් ද, ස්ථානගතව පවතිනු ඇති බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මෙම සුළි කුණාටුව ඉදිරි පැය 24 ක කාලය තුළ චණ්ඩ සුළි කුණාටුවක් බවට වර්ධනය විය හැකි බවට ද අනුමාන කෙරෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක කුමාර පැවසුවේ උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ජීවත්වන ජනතාව මතුවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවයි. 

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය, තී‍්‍රකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටිය යුතු වනවා. දැනට මෙම මුහුදු ප‍්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙසටයි දැනුම් දෙන්නේ. 
පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප‍්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල යෙදීමේදී වඩාත් අවදානයෙන් පසුවන ලෙසට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. 
ඉදිරි පැය 24 ක කාලය තුළ උතුරු පළාත දැඩි අවදානමක පවතින බවත්, මිලිමීටර් 100 කට වඩා වැඩි තද වැසි ඇතිවිය හැකි බවටත්, එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. නිවාර් සුළි කුණාටුවේ බලපෑම අනිද්දා වනතුරු පවතිනු ඇති. 



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52
Video thumbnail
පාන්දරම අලි ඇවිත් නිවසක් ෆ්ලැට් කරලා ගිහින් - තනියා ආවේ බොහොම කරදරයක්
02:40
Video thumbnail
අපි දේශපාලනය ගත්තේ වැජඹෙන්න නෙවෙයි - වාසි ගන්න ඇවිත් නෑ..කලින් ආණ්ඩු හැදුවේ එයාලගේ දේවල් කරගන්න
02:00
Video thumbnail
නලින්ද ඉදිරියේ නාමල් ආගම ගැන කිව්ව දේ - මොන දේශපාලන පක්ෂ තිබ්බත් රටේ ආගම ආරක්ෂා කළ යුතුයි
03:38
Video thumbnail
අපි මේ මුළු පද්ධතියම වෙනස් කරන්න වැඩ කරන්නේ - නීතිඥ සංගමය ඔවුන්ගේ ස්ථාවරය කිව්වා
02:20
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත..දෙන්නා හිනාවෙවී ලොකු කතාවක්
03:58
Video thumbnail
මෙවර උසස් පෙළ විභාගයට අදාළ කිසිදු ප්‍රශ්න පත්‍රයක් පිටවී නොමැත - රැවටෙන්න එපා
01:11