ආනයනික කිරිපිටි මිල හෙට (30) දිනයේ සිට නැවත ඉහළ දැමීමේ සුදානමක් පවතින බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පවසනවා.
කිරිපිටි කොපමණ මුදලකින් ඉහළ යන්නේද යන්න අද ප්‍රකාශයට පත්කරන බව පැවසූ මාධ්‍ය ප්‍රකාශකවරයා, මෙම කිරිපිටි මිල ඉහළ දැමීම ඇතැම් විට කිරිපිටි ආනයනකරුවන්ගේ සාමූහික ඉහළ දැමීමක් නොවීමට ඉඩ ඇති බවත් සඳහන් කර සිටියා.
ආනයනික කිරිපිටි සමාගම් විසින් ඉකුත් ඔක්තෝම්බර් මස 15 වෙනිදා මිල ඉහල දැමීමට පියවර ගනු ලැබුවා. ඒ ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක් 90කින් සහ කිලෝග්‍රෑම් 01ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 225කින් ය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
3