ජනපතිතුමාට ඕනෑම වෙලාවක අපව ධුරවලින් ඉවත් කරන්න පුළුවන් – ඇමති ගම්මන්පිල

තමන් ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් තුන් දෙනෙකු එම ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගන්නේ නම්, ඒ පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස සිටිමින්, යුගදනවි ගිවිසුම සම්බන්ධ කැබිනට් තීරණයට එරෙහි ව අධිකරණයට යාම සහ එය ප්‍රසිද්ධියේ විවේචනය කිරීම වැරදි බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බවට අද පළ වී තිබූ පුවත්පත් වාර්තාවලට පිළිතුරු ලබාදෙමින්.

පුවත්පත් කතුවරුන් සමඟ ඊයේ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබූ බව අද, ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා.

කැබිනට් තීන්දුවකට එරෙහි ව අධිකරණයට යන්නේ නම් අමාත්‍ය ධුරය ඉවත් වී එය සිදු කළ යුතු බව ජනාධිපතිවරයා එහි දී සඳහන් කළ බවයි එම වාර්තාවල දක්වා තිබුණේ.

මේ සම්බන්ධයෙන් අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය උදය ගම්මන්පිල කියා සිටියේ, යුගදනවි ගිවිසුම සම්බන්ධයෙන් තමන් ඇතුළු අමාත්‍යවරුන් තිදෙනා කිසිදු වරදක් සිදු කර නොමැති බවයි.

අවධානම දනිමින් සහ අවදානම ගනිමින් යුගදනවි ගිවිසුම පිළිබඳ ඇත්ත උසාවියට සහ රටට හෙළිකිරීමට තීරණය කළ බවත් ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාව ඇමති ධූරවලින් ඉවත් කළ හැකි යැයි හොඳන් දන්නා බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කර ඇත්තේ.

යුගදනවි ගිවිසුම පිළිබඳ ගත් ක්‍රියාමාර්ගය වැරැදී යැයි ජනාධිපතිවරයා පැවසීම ඒතුමාගේ මතය බව පැවසූ අමාත්‍ය උදය ගම්මන්පිල, එය හෙළිකිරීම වැරැද්දක් නොවන බව තමන් ඇතුළු මන්ත්‍රීවරුන්ගේ මතය බව ද සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අයවැය කාරකසභා විවාදය සජීවීව - 2025.12.05
10:50:02
Video thumbnail
ජනපති විපක්ෂයට කනේ ඇඟිලි ග#ගන්න දෙසයි.."කරුණාකරලා ගිහින් නඩුවක් දාන්න.."
01:44
Video thumbnail
පාර්ලිමේන්තුවම සංවේදී කරමින් ජනපති කිව්ව කතාව.."කුඩා දරුවන් තමන්ගේ කැටේ ගෙනල්ල දෙනවා"
10:32
Video thumbnail
හලාවත මුළු ටවුන් එකම හිටිහැටියේම සුන්නද්දූලි කළ බිහිසුණු සුළඟ..බෝඩ් ග#ලවන් උඩින් යයි
00:43
Video thumbnail
අජිත් පෙරේරා කුපිත වී මුළු පාර්ලිමේන්තුවම දෙවනත් කරයි..
08:23
Video thumbnail
පාර්ලිමේන්තු කතාව මැද හස්ත සංඥාවක් දීගෙනම ජනපති පාර්ලිමේන්තුවට එයි
00:45
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01


?