විදෙස් සංචිත ගැන මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

දැනට ගනු ලබන ක්‍රියාමාර්ග තුළින් මෙම වසර අවසාන වනවිට මෙරට නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 03 කට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ප්‍රධෘන විදේශ විනිමය ලැබීම් අතර මැද පෙරදිග සහ අනෙකුත් කලාපීය මහ බැංකු සමග අමෙරිකානු ඩොලර් බිලියන 02 ක පමණ විදේශ විනිමය හුවමාරු පහසුකම් ඇතුළත් වනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. 

රජය විසින් ද්විපාර්ශවික මූල්‍යන පහසුකම් ලබාගැනීම්, ඒකාබද්ධ ණය පහසුකම් ලබා ගැනීම් මෙන්ම බහුපාර්ශවික සංවිධාන තුළින් ණය ගැනීමේ ක්‍රියාවලියක ද යෙදී ඇති බව මහ බැංකුව පෙන්වා දෙනවා. මීට අමතරව බලධාරීන් විසින් ඉහළ මට්ටමේ විදේශ සංචාරවලදී සාකච්ඡා කරන ලද විදේශ විනිමය පහසුකම් ලැබීම් ද ඉදිරියේදී සාර්ථක වනු ඇති. 

විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ සඳහා හඳුන්වාදී ඇති දිරිදීමනා ක්‍රමය සහ අපනයන ආදායම් නැවත මෙරටට ගෙන්වා ගැනීම හා පරිවර්ථනය කිරීමේ අවශ්‍යතා වැනි විදේශ විනිමය වෙළඳපලේ පැති කිහිපයක් සම්බන්ධයෙන් මහ බැංකුව විසින් කරන ලද මැදිහත්වීම් මගින් නිල සංචිත තවදුරටත් ගොඩනගා ගැනීමට හැකියාව පවතිනවා. විදේශ රැකියා සඳහා පිටත්ව යාමේ මෑතකාලීන වර්ධනයන් සහ සංචාරක පැමිණීම්වල ක්‍රමික වර්ධනයත් සමග ඉදිරි කාලය තුළ විදේශීය අංශය වඩා යහපත් තත්ත්යකට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. 

එමගින් වර්තමානයේ දක්නට ලැබෙන පීඩනයන් යම් දුරකට සමනය වනු ඇති බවටයි අපේක්ෂා කෙරෙන්නේ. මෙම අපේක්ෂිත විනිමය ගලා ඒම් සමග ලබන වසර පුරා නිල සංචිත තත්ත්ව හිතකර මට්ටමක පවතිනු  ඇති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41
Video thumbnail
ගහන එක ග#නවා ආයේ කුඩු වෙන්නම - ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ
03:24
Video thumbnail
ගම්මන්පිල කියන්නේ නාමල් හිඟන්නෙක් කියලද ?මොළේ පරික්ෂා කරගන්න
01:36
Video thumbnail
ශිරන්ති වාහන‍යෙන් බන්ධනාගාරයට යනවා..කොහොමද එහෙම යන්නේ ?විශේෂ වරප්‍රසාදයක්ද ?
02:23
Video thumbnail
මාස 3කට පසු වැල්ලවායට ඇදහැළුණු වැස්ස
00:42
Video thumbnail
නයි ඇරපු ඇරිල්ලට ගැරඬිත් ආවා නයාව බලන්න - දයාසිරි ආණ්ඩුවට දාපු කින්ඩිය
03:02