පෝර නොදුන්නොත් ආණ්ඩුවට වී දෙන්නේ නෑ

මහ කන්නයට අවශ්‍ය රසායනික පොහොර නොදෙන්නේ නම් මහ කන්නයේ වී අස්වැන්න රජයට නොදෙන බව අනුරාධපුර, මාතලේ, පොළොන්නරුව දිස්ත‍්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධාන එකමුතුව ස`දහන් කරයි.

ඔවුන් මේ බව සඳහන් කළේ පොළොන්නරුවේදී මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහිදී ගොවීහු වැඩිදුරටත් මෙසේද කීහ.

කාබනික පොහොර වලට යන්න කියල ආණ්ඩුව ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත් කරලා. කාබනික පොහොරත් නැහැ. නැනෝ පොහොරත් නැහැ. ගෑස් ටැංකි පුපුරනව වගේ අද පෝරත් පුපුරනවා. මේවා ගහන්න බැහැ. හරිම ග`දයි. අලි ආපු කුඹුරට අද බල්ලොයි ඌරොයි එන්න පටන් අරන්.

ඌරා එනතැනට රජය අද ගොවියා පත්කර තිබෙනවා. අපි මේ ප‍්‍රශ්නෙ මුල්කරගෙන එලියට බහිනවා. ඒක වැඩි ඈතක නැහැ. එදාට කැත්තේ උදැල්ලේ දෑකැත්තෙ තරම අපි පෙන්වනවා.

අර බාල චීන පොහොර නැවට ඩොලර් මිලියන ගණනක් ගෙවන්න රජය පොරොන්දු වෙලා තියෙනවා. ඒ මුදල් අසරණ ගොවියන්ට බෙදන්න කියල අපි ඉල්ලා සිටිනවා. එහෙම නැති වුණොත් අපි හෙට අනිද්දා වෙන කොට පාරට බහිනවා. එම නිසා අපිට පොහොර නුදුන්නොත් අපි ආණ්ඩුවට වී දෙන්නෙ නැහැ. ඒ වී ටික අපිම කොටල අපේ ආහාරයට ගන්නවා යැයිද එම ගොවියෝ කියා සිටියහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?