මේ වනවිට රක්ෂිත බනධනාගර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂට හෙට (08) දිනයේ පාර්ලිමේන්තු සැසිවාරයට පැමිණීමට අවසර ඉල්ලා තිබෙනවා.
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය හරහා කතානායකවරයාගෙන් ලිඛිතව මෙම අවසරය ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර රක්ෂිත බනධනාගර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂගේ සුවදුක් විමසීමට ඔහුගේ මව වන ශිරන්ති රාජපක්ෂ සහ විපක්ෂයේ දේශපාලන ප්රබලයින් රැසක් වැලිකඩ බන්ධනාගාරය වෙත අද (07) පෙරවරුවේ පැමිණියා.
මේ අතර මන්ත්රීවරයාට නිවසින් ආහාර ලබාගැනීමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.













