කොත්මලේ පොලිසියෙන් වෙනස්ම වැඩක් – පාසල් ළමුන් සහ ගුරුවරුන් පොලිස් ජීප් එකෙන් පාසලට

නව පාසල් වාරය අද (07) ආරම්භ වීමත් සමඟ පාසල් ළමුන් පිරිසකට සහ ගුරුවරුන් පිරිසකට පොලිස් ජීප් රථවලින් තම පාසලට යෑමට සිදු වී ඇති පුවතක් වාර්තා වුණා.

ඒ කොත්මලේ – පනන්ගම්මන ප්‍රදේශයේ තුළින්.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් මෙම ප්‍රදේශය නායයෑමට ලක් වීමත් සමඟ කොත්මලේ – ගම්පොළ ප්‍රධාන මාර්ගයේ, රථවාහන ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙනවා.

පනන්ගම්මන ප්‍රදේශයේ සිට කොත්මලේ නව නගරයේ පිහිටා ඇති පාසල වෙත යන ළමුන් සහ ගුරුවරුන් මේ හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා ඇති බවයි වාර්තා වන්නේ.

ඒ පාසලට යෑමට බස් රථයක් නොමැති වීම සහ ඒ හේතුවෙන් ඔවුන්ට නායයෑමට ලක්වූ ස්ථානයේ සිට කිලෝමීටර් 2ක් දුර පා ගමනින්ම යෑමට සිදුව තිබීමයි.

මේ පිළිබඳව අවධානය යොමු කළ කොත්මලේ පොලිසියේ නිලධාරින්, පොලිසියේ ජීප් රථ දෙකක් යොදාගෙන නාය ගිය ස්ථානයේ සිට පාසල් දරුවන් සහ ගුරුවරුන් පාසල වෙත ප්‍රවාහනය කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී, කොත්මලේ ඩිපෝව මඟින් අද (07) පස්වරුවේ සිට කොත්මලේ නව නගරයේ සිට නාය ගිය ස්ථානයට බස් රථයක් ධාවනය කිරීමට කටයුතු යොදා ඇති බවයි කොත්මලේ පොලිසිය සඳහන් කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27