පෑවිල්ල නිසා පානීය ජලය නොමැතිව පීඩාවට පත්වන පවුල් සංඛ්‍යාව තවත් වැඩිවේවි – ආපදා සහන සේවා මධ්‍යස්ථානය

එල්නිනෝ හේතුවෙන් බලපෑ වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 07ක පවුල් 35,149 කට අයත් පුද්ගලයින් 115,534ක් පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීමේ ගැටලුවකට මුහුණ දී සිටින බව ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසනවා.

මින් වැඩිම බලපෑමක් මොණරාගල, අම්පාර සහ බදුල්ල දිස්ත්‍රික්කවලින් වාර්තාවන බවයි එම මධ්‍යස්ථානයසඳහන් කරන්නේ.

මෙලෙස පානීය ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට නොහැකිව පීඩාවට පත්ව ඇති පවුල් 35,149 සඳහා පානිය ජලය බෙදාදීමේ කටයුතු අඛණ්ඩව සිදුකරන බවයි වාර්තා වන්නේ.

මේ අතර එම මධ්‍යස්ථානය සඳහන් කළේ වියළි කාලගුණයෙන් පානීය ජලය සපුරා ගැනීමට නොහැකිව පීඩාවට පත්වන පවුල් සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යන බවයි.

එම සංඛ්‍යාව මේ මස අග දක්වාම අඛණ්ඩව වැඩිවීමක් සිදුවෙතැයි බලාපොරොත්තුවන බවයි ආපදා සහන සේවා මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පානීය ජලය සපයා ගැනීමට යම් ගැටළුවක් ඇත්නම් ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ 0716 807807 යන අංකය වෙත දැනුම් දෙන ලෙස මහජනතාවට දැනුම් දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආසියානු ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම රුමේෂ්ට - මහ වැස්සේ අපේ කොල්ලා ගැහුව ගේම
00:52
Video thumbnail
අවසරලත් පීටිකාවෙන් පිට මත්පැන් තබා සාදයක් පැවැත්වූ කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:28
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:37
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ
01:50
Video thumbnail
අලුතින් හදපු කොන්ක්‍රීට් පාරට මාස 6ක් යන්න කළින් වුණ දේ..
02:21
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:07
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ
00:54
Video thumbnail
ඉන්ධන හා තාප බලාගාර මාෆියාවට යට වූ රජය සූර්ය බලශක්ති ව්‍යාපෘති විනාශ කරන්න හදනවා
05:33
Video thumbnail
පාර්ලිමේන්තුවේ විපක්ෂයේ පිරිසක් හොරෙන් ආණ්ඩුවට සහාය දෙනවා
04:01
Video thumbnail
නිමල් පෙරේරා නාමල්ට සල්ලි දුන්නානම් නිමල් වැරදිකාරයෙක්නේ - මහින්දගේ ගුණ වයපු SB දිසානායක
02:43