දෙමාපියන් සමග උරණ වී කෝටිපති දියණිය ගත් මෝඩ තීරණය

ජංගම දුරකතනය භාවිතයෙන් පවත්වාගෙන ගිය පෙමක් ගැන දෙමාපියන් තරවටු කිරීම ගැන උරණ වූ මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක සිසුවියක් නාන කාමරයේදී සිරුරට ගිනි අවුලා ගනිමින් දිවි හානිකරගෙන ඇති බව වාර්තා වනවා.

මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ ගලහ අන්නාසිවත්ත පදිංචි 19 හැවිරිදි දැරියකි. මෙම සිදුවීම පෙරේදා (15) උදෑසන 10.30 ට පමණ සිදුව ඇත.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේද ඉහළින්ම සමත් වී උසස් පෙළ විභාගය සඳහා සූදානමින් සිටි මැය කෝටිපති පවුලක දියණියකි. ඇයගේ මව ගුරුවරියක වන අතර පියා ගලහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.

මෙම දැරිය නිවැසියන්ට නොදන්වා ජංගම දුරකතනයක් භාවිතා කර ඇත. එම ජංගම දුරකතනය හා එහි තිබූ පණිවුඩයක් තම සහෝදරයාට හා දෙමාපියන්ට හසුවී ඇත. එහිදී ඇයට පෙම්වතෙකු සිටින බව කියා දෙමාපියන් දැඩිව අවවාද කිරීම ගැන උරණවී දැරිය මෙසේ සියදිවි හානි කරගෙන ඇතැයි පොලිසිය පවසන්නේ.

නාන කාමරයට ගොස් දොර අගුළු වසාගෙන ලීටර් දෙකහමාරක භූමිතෙල් කෑනයක් හා ලීටර් භාගයක භූමිතෙල් කෑනයක් සිරුරට දමාගනිමින් ගිනි තබාගෙන ඇතැයි විමර්ශනවලදී හෙළිකරගෙන ඇත.

සියදිවි නසාගත් මෙම දැරිය හා පසුගියදා (09) මහනුවර කළුපාලමෙන් මහවැලි ගඟට පැන සියදිවි නසාගත් බව කියන දැරියත් එකම පාසලක ඉගෙනුම ලබන දැරියන් බැවින් මෙම මරණ දෙක අතර සම්බන්ධයක් ඇත්දැයි විශාල සැකයක් පවතින බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කර සිටිනවා.

ගලහ පොලිසිය මූලිකත්වයෙන් සිද්ධිය ගැන පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06