ඒක ලොකු පොතක් වගේ එකක් : අධ්‍යනය කරන්න පොඩි කාලයක් යනවා

LNG ගිවිසුම අධ්‍යනය කිරීමට යම් කාලයක් ගතවන බැවින් තමන් එය නොබැලු බවත් නමුත් එය ඉදිරිපත් කල නිලධාරීන් ඒ පිලිබඳ කරුණු ඉදිරිපත් කල බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලයේදී එය සාකච්ඡා කිරීමක් සිදුවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කර සිටිනවා.

අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“ඒක ලොකු පොතක් වගේ එකක් ඒක අධ්‍යනය කරන්න පොඩි කාලයක් යනවා. ඇත්තටම මම ඒක බැලුවේ නෑ. හැබැයි ඒකේ කරුණු කාරණා ඒකට ආපු නිලධාරීන් ඉදිරිපත් කලා. ඒ අනුව කැබිනට් එකේදි ඒ පිලිබඳව සාකච්චා කරනවා කියලා තමා කියුවේ.

ඒ වගේම අදාල ගිවිසුමේ සමහර කෙටුම්පත් පවා පක්ෂ නායකයින්ට දුන්නා සාකච්ඡා කරලා කතා කරලා ඒ ගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. ඉතිං ඒ කාලසීමාව තමයි මේ තියන්නේ. කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ. වඩාත් නිවැරදි දේ ඉදිරියේදී සිද්ධ වෙයි.” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30