spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඒක ලොකු පොතක් වගේ එකක් : අධ්‍යනය කරන්න පොඩි කාලයක් යනවා

LNG ගිවිසුම අධ්‍යනය කිරීමට යම් කාලයක් ගතවන බැවින් තමන් එය නොබැලු බවත් නමුත් එය ඉදිරිපත් කල නිලධාරීන් ඒ පිලිබඳ කරුණු ඉදිරිපත් කල බවත් ඒ අනුව කැබිනට් මණ්ඩලයේදී එය සාකච්ඡා කිරීමක් සිදුවන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කර සිටිනවා.

අද පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පලකරමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

“ඒක ලොකු පොතක් වගේ එකක් ඒක අධ්‍යනය කරන්න පොඩි කාලයක් යනවා. ඇත්තටම මම ඒක බැලුවේ නෑ. හැබැයි ඒකේ කරුණු කාරණා ඒකට ආපු නිලධාරීන් ඉදිරිපත් කලා. ඒ අනුව කැබිනට් එකේදි ඒ පිලිබඳව සාකච්චා කරනවා කියලා තමා කියුවේ.

ඒ වගේම අදාල ගිවිසුමේ සමහර කෙටුම්පත් පවා පක්ෂ නායකයින්ට දුන්නා සාකච්ඡා කරලා කතා කරලා ඒ ගොල්ලන්ගේ අදහස් ඉදිරිපත් කරන්න. ඉතිං ඒ කාලසීමාව තමයි මේ තියන්නේ. කවුරුත් කලබල වෙන්න ඕනේ නෑ. වඩාත් නිවැරදි දේ ඉදිරියේදී සිද්ධ වෙයි.” ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?