ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 39ක්

ගත වූ පැය 24 ක කාළය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 39 දෙනෙකු සොයාගෙන ඇති අතර ඔවුන් අතරින් 23 දෙනෙකු දිස්ත්‍රික්කය තුළ ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස තුළිනුත් සහ ඉතිරි 16 දෙනා දිස්ත්‍රික්කයේ රෝහල් වලිනුත් අනාවරණය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා සඳහන් කර සිටියි.

ඒ අනුව අද දින දක්වා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 2,659 ක් ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කය තුල මේ වන විට පී.සී.ආර්.පරීක්ෂණ 33,948 ක් සිදු කර ඇති බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ගත වූ පැය 24 ක කාළය තුළ මෙම වෛරසය ආසාදිත සේවකයින් 29 දෙනෙකු සොයාගෙන ගෙන ඇත. ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 366 දෙනෙකු වාර්තා වී ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

මිට අමතරව කටුනායක-සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළින් අද දිනය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙකු පමණක් හමු වී ඇති අතර ඒ අනුව එම කොට්ඨාසය තුළින් මේ දක්වා මෙම වෛරසය ආසාදිත රෝගීන් 307 දෙනෙකු වාර්තා වී ඇති බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
00:00
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52
Video thumbnail
රට අනුරට - ගොවියා කසිප්පු පොළට
05:42
Video thumbnail
කරන්න බැරිනම් මේ හත්තිලව්ව දීලා යන්න - මදුරුවෝ ඇවිත් මිනිස්සුන්ට ඇරියට පස්සේ චෙක් කරන්නේ
03:08
Video thumbnail
ආලෝකා සුනඛයා වගේ පාද යාත්‍රාවේ යන අපේ රටේ සුනඛයා - අනුරාධපුරයේ ඉදන් පාද යාත්‍රාවේ එන හැටි
02:41
Video thumbnail
මගේ ලැම්බෝගිනිය ගෙනත් දෙන්න - ආණ්ඩුවට පිං සිද්දවෙයි
08:09
Video thumbnail
සියම් පාද යාත්‍රාවේ එන සුනකයා - හාමුදුරුවන්ට කිට්ටු වෙන්න දෙන්නේ නෑ
01:06