spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 39ක්

ගත වූ පැය 24 ක කාළය තුළ ගම්පහ දිස්ත්‍රික්කය තුළින් කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 39 දෙනෙකු සොයාගෙන ඇති අතර ඔවුන් අතරින් 23 දෙනෙකු දිස්ත්‍රික්කය තුළ ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාස තුළිනුත් සහ ඉතිරි 16 දෙනා දිස්ත්‍රික්කයේ රෝහල් වලිනුත් අනාවරණය වී ඇති බව ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය මිගාර ඈපා සඳහන් කර සිටියි.

ඒ අනුව අද දින දක්වා කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් 2,659 ක් ගම්පහ දිස්ත්‍රික්කය තුළින් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කය තුල මේ වන විට පී.සී.ආර්.පරීක්ෂණ 33,948 ක් සිදු කර ඇති බවයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

මේ අතර කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළින් ගත වූ පැය 24 ක කාළය තුළ මෙම වෛරසය ආසාදිත සේවකයින් 29 දෙනෙකු සොයාගෙන ගෙන ඇත. ඒ අනුව මේ දක්වා මෙම කළාපය තුළින් කොරෝනා ආසාදිත සේවකයින් 366 දෙනෙකු වාර්තා වී ඇති බව ද ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.

මිට අමතරව කටුනායක-සීදුව මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසය තුළින් අද දිනය තුළ කොරෝනා වෛරසය ආසාදිත රෝගීන් දෙදෙනෙකු පමණක් හමු වී ඇති අතර ඒ අනුව එම කොට්ඨාසය තුළින් මේ දක්වා මෙම වෛරසය ආසාදිත රෝගීන් 307 දෙනෙකු වාර්තා වී ඇති බව කටුනායක සීදුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?