AFC Banner
Empty Ad
Empty Ad

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වුණු බිහිසුණුම ගුවන් අනතුර

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වුණු බිහිසුණු ම ගුවන් අනතුර සිදු වී වසර 47ක් සපිරීම නිමිත්තෙන් නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අසල ඉදිකර තිබෙන ස්මාරකය ඉදිරිපිට පින් අනුමෝදන් කිරිමේ වැඩසටහනක් ඊයේ (දෙසැ. 4) දින සිදු කෙරිණි.

විමලසුරේන්ද්‍ර ජලාශය ඉදිරිපිට ගුවන් යානා අනතුරෙන් මිය ගිය අය සිහි කිරීම පිණිස ඉදි කර ඇති ස්මාරකය අසලට නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ තරුණයෝ පිරිසක් එක් ව ඉටි පහන් දල්වා පින් අනුමෝදන් කිරීමක් සිදු කළහ.

1974.12.04 දින මක්කම බලා පියාසර කරමින් තිබුණු ඕලන්ද රාජ්‍යයට අයත් මාර්ටින් එයාර් ඩී.සී. 8 ගුවන් යානය ඉන්දුනිසියා සුරවේයාර් ගුවන්තොටුපළින් වන්දනාකරුවන් 182ක් සහ කාර්යමණ්ඩලයේ 9 දෙනෙකු රැගෙන ගොස් තිබිණි.

එම ගුවන් යානය නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා කඳු වැටියේ ගැටීමෙන් එහි ගමන් ගත් සියලු ම දෙනා ජිවිතක්ෂයට පත්විය. 

ගුවන් අනතුරින් මිය ගිය අයගේ සිරුරු සප්ත කන්යා කන්ද පාමුල මිහිදන් කර ඇත.

අනතුරට පත් ගුවන් යානයේ රෝදයක් නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ වේල්ල අසල සිහිවටනයක් ලෙස තබා ඇති අතර එම ස්ථානයේ ගුවන් අනතුරින් මිය ගිය ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ නම් ද සඳහන් කර තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
20
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?