ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වුණු බිහිසුණුම ගුවන් අනතුර

ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තා වුණු බිහිසුණු ම ගුවන් අනතුර සිදු වී වසර 47ක් සපිරීම නිමිත්තෙන් නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය අසල ඉදිකර තිබෙන ස්මාරකය ඉදිරිපිට පින් අනුමෝදන් කිරිමේ වැඩසටහනක් ඊයේ (දෙසැ. 4) දින සිදු කෙරිණි.

විමලසුරේන්ද්‍ර ජලාශය ඉදිරිපිට ගුවන් යානා අනතුරෙන් මිය ගිය අය සිහි කිරීම පිණිස ඉදි කර ඇති ස්මාරකය අසලට නෝටන්බ්‍රිජ් ප්‍රදේශයේ තරුණයෝ පිරිසක් එක් ව ඉටි පහන් දල්වා පින් අනුමෝදන් කිරීමක් සිදු කළහ.

1974.12.04 දින මක්කම බලා පියාසර කරමින් තිබුණු ඕලන්ද රාජ්‍යයට අයත් මාර්ටින් එයාර් ඩී.සී. 8 ගුවන් යානය ඉන්දුනිසියා සුරවේයාර් ගුවන්තොටුපළින් වන්දනාකරුවන් 182ක් සහ කාර්යමණ්ඩලයේ 9 දෙනෙකු රැගෙන ගොස් තිබිණි.

එම ගුවන් යානය නෝටන්බ්‍රිජ් සප්ත කන්‍යා කඳු වැටියේ ගැටීමෙන් එහි ගමන් ගත් සියලු ම දෙනා ජිවිතක්ෂයට පත්විය. 

ගුවන් අනතුරින් මිය ගිය අයගේ සිරුරු සප්ත කන්යා කන්ද පාමුල මිහිදන් කර ඇත.

අනතුරට පත් ගුවන් යානයේ රෝදයක් නෝටන්බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශයේ වේල්ල අසල සිහිවටනයක් ලෙස තබා ඇති අතර එම ස්ථානයේ ගුවන් අනතුරින් මිය ගිය ගුවන් යානයේ කාර්ය මණ්ඩලයේ නම් ද සඳහන් කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16