නැවතත් රට වසා දැමීමේ තීරණයක් නැහැ

රට නැවත වසා දැමීමේ සුදානමක් තවම නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව රජය ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ දිනවල මෙරටට පැමිණ සිටින බිබිසි ආයතනයේ දකුණු ආසියානු කළමණාකරු Rahool sood හා දකුණු ආසියාවේ අලෙවි අධ්‍යක්ෂක Vishal Bhatnagar යන මහත්වරු පසුගිය සිකුරාදා (03) සිය අමාත්‍යාංශයේ දි හමු වු අවස්ථාවේ දි ඇමතිවරයා මේ බව සදහන් කළේය.

බිබිසි ආයතනයේ නියෝජිතයන්ගෙන් ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දි විමසා සිටියේ කටුනායක ගුවන්තොටුපළ පිළිබද ඔබේ ආකල්පය කුමක්දැයි කියාය. ඊට ප්‍රතිචාර දක්වමින් රාහුල් සුඩ් මහතා කීවේ ප්‍රමාදයකින් තොරව ගුවන්තොටුපළේ කටයුතු සිදු වු බවයි. ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයෙකුට රට පීළිබද පළමු හැගිම ඇතිවන ස්ථානය ගුවන්තොටුපළ බැවින් එහි කටයුතු කාර්යක්ෂම ව සිදුවිම ඉතා වැදගත් බව ද ඔහු කීවේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහි දී කීවේ කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරිමේ ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක බවයි. 2023 වන විට එය අවසන් කිරිමට අපේක්ෂා කරන බවත් එවිට වාර්ෂිකව ගුවන් මගින් මිලියන 15 ක් හැසිරවිය හැකි පරිදි පහසුකම් සැලසෙන බවත් ඇමතිවරයා කීවේය.

ශ්‍රී ලංකාව රටක් ලෙස ලෝකයේ සංචාරකයන් අතර ප්‍රවර්ධනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙලට සිය ප්‍රසාදය පළ කළ බිබිසි නියෝජිතයන් ඒ සදහා සිය සහාය පළ කිරිමට ද එකගතාවය පළ කළහ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02
Video thumbnail
විපක්ෂය වැරදි කරලා නැත්තම් බයවෙන්න ඕනේ නෑනේ
03:06
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය - "හෙල්මට් දාගෙන ගිහින් නෑ - කන්නෙත් නැතුව ගියේ"
01:53
Video thumbnail
උඹලා තණකොළ කෑවට අපි නම් බත් කන්නේ
07:53
Video thumbnail
කාන්තාවකගේ ගෙලේ තිබ්බ රන් මාලය කැ#ඩූ ඩබල - "අයියෝ..මෙන්න හොරෙක්..මාලේ අරන් ගියා"
01:44
Video thumbnail
පැය 3කට පසු නිශ්ශංක සේනාධිපති එළියට එයි
00:58
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
01:03
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන් - වගුරු බිමක කරගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක්
01:30