අද අලුයම 3.30 ට පමණ යාපනය කොටුව ආසන්නයේ කිතුනු දේවස්ථානයකට ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
පොලිස් ස්ථානයට ආසන්නයේ පිහිටි දේවාලය වෙත මෙලෙස ප්‍රහාරයක් එල්ල වී ඇති බවටයි වාර්තා වන්නේ.
.පොලීසිය පැවසුවේ, මෙම ප්‍රහාරය සිදුකළ තැනැත්තා බීමතින් සිට ඇති බවයි.
ප්‍රහාරයේ පසුබිම සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ශා. යේසුරත්නම් ජනතාව කලබලයට පත් නොවන ලෙස ඉල්ලා ඇති අතර විනාශ කළ සැකකරු මානසික අස්ථායී පුද්ගලයෙකු බවයි ප්‍රකාශ කළේ.
මේ අතර ඔහු දිගු කලක් පල්ලියේ රැඳී සිටි බවත් ඔවුන් දන්නා බවත් වැඩි දුරටත් ප්‍රකාශ කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
6














