කැළඹුණු කාලගුණය – ගමනාගමනයට බාධා

අඩුපීඩන කලාපය තවදුරටත් ශ්‍රී ලංකාව ආශ්‍රිතව ස්ථාපිතව පවතින බැවින් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට විටින් විට වැසි හෝ ගිඟු‍රුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර අද උදෑසන 8.30න් අවසන් වූ වැඩිම වර්ෂාපතනය යටියන්තොට – වේවැල්තලාව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර එය මිලිමීටර 240 ක්.

හලාවත – මාදම්පේ ප්‍රදේශයට මිලිමීටර 178ක් සහ බත්තරමුල්ල ප්‍රදේශයට මිලිමිටර 159ක වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

බණ්ඩාරවෙල වැල්ලවාය මාර්ගයේ 24 වෙනි කිලෝමීටර් කණුව ආසන්නයෙන් අද අලු‍යම පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනා ගමනයට සම්පූර්ණයෙන් බාධා එල්ල වූ අතර, ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා වුණා.

දෙමෝදර සහ ඇල්ල අතර ආරුක්කු පාලම ආසන්නයේ ස්ථාන කිහිපයකින්ම උඩරට දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් එම මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

එසේම හපුතලේ දුම්රියපොළ මාර්ගය ආසන්නයේ පිහිටි නිවසකට සහ ගාල්ල – යක්කලමුල්ල ප්‍රදේශයේ නිවසක් මතට පස් කඳු කඩාවැටීම හේතුවෙන් එම නිවාසවලට හානි සිදුව තිබෙනවා.  

මේ අතර ගිං ගඟ පිටාර ගැලීම හේතුවෙන් හිනිඳුම – නාගොඩ ප්‍රදේශයේ පහත් බිම් රැසක්ද ජලයෙන් යටව තිබුණා.

එමෙන්ම රත්නපුර ප්‍රදේශයට ඇදහැළුණු වර්ෂාවත් සමඟ රත්නපුර – හංගමු ගඟ පිටාර ගැලීම හේතුවෙන් හංගමුව ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවුණා.

පවතින වර්ෂාවත් සමඟ කළු ගගේ ජල මට්ටමද මේ විට ඉහළ යමින් පවතින අතර එය පිටාර මට්ටමේ පවතින බව අප වාර්තාකරු සඳහන් කළා.

බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයට හා කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක ප්‍රදේශයට ඊයේ පස්වරුවේ නිකුත් කෙරුණු නාය යාමේ අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෑම පැයේදී විශ්ව විද්‍යාල ආචාර්යවරුන් පැවැත්වූ විරෝධතාව - උගතුන් විශ්වවිද්‍යාල පද්ධතියෙන් යනවා
06:43
Video thumbnail
සජිත් ශ්‍රේෂ්ඨාධිකරණයට එයි
01:27
Video thumbnail
විපක්ෂය නියෝජනය කරන අය දුම්රිය සේවකයන් නොමඟ යවනවා - බොරු ප්‍රකාශ කරනවා
05:16
Video thumbnail
හිටපු නගරාධිපති එරාජ් එළොව ගිය ස්ථානයේ නවතම තත්ත්වය - ඔබ නොදුටු දර්ශන පෙළක්
01:30
Video thumbnail
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීමට තාක්ෂණික විසඳුමක්
00:49
Video thumbnail
ආණ්ඩුව නාමල්ට බයයි - අපේ රැළිය කාටත් නවත්වන්න බෑ
07:43
Video thumbnail
ජනාධිපතිතුමා ආයේ බොරු ටිකක් කියන්න තමයි රැස්වීම් තියන්න හදන්නේ
04:07
Video thumbnail
මනුෂ්‍ය ඝා#නයකට සැරසුණු සැකරුවන් තිදෙනෙකු සමඟ යතුරුපැදි කොටුවෙයි
00:59
Video thumbnail
අභිරහස් අයුරින් එළොව ගිය හිටපු නගරාධිපති එරාජ්ගේ සිරුර සොයාගැනේ
00:54
Video thumbnail
අපි එනවා කොටුවට - හොරු ඇල්ලුවාට කමක් නෑ, විපක්ෂය මර්දනය කරන්න එපා
03:44