AFC Banner
Empty Ad
Empty Ad

20-20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා පළමු තරගය අද

2021 ලෝක කුසලාන පන්දු වාර විස්ස තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද (18) රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතයි.

ඒ, නැමීබියානු කණ්ඩායම සමඟයි.

මේ අතර ඊයේ රාත්‍රියේ පැවති පළමු වටයේ තවත් තරගයකින් බංග්ලාදේශ කණ්ඩායම පරදවා ලකුණු හයක තියුණු ජයක් ලැබීමට ස්කොට්ලන්තය සමත්වුණා.

පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්තය නියමිත පන්දු වාර විස්ස අවසානයේදී කඩුලු 09ක් දැවී ලකුණු 140 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශයට පන්දුවාර විස්ස අවසානයේ කඩුලු හතක් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 134 ක් පමණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?