මා මෝඩයෙක් නොවේ.. මට පිස්සු නෑ…

තමන් අනුරාධපුර සහ වැලිකඩ බන්ධනාගාර වලට ගිය බවත් සත්‍ය බවත් නමුත් ඒ තුළට කාන්තාවන් සහ මිතුරන් ගෙන යෑමක් හෝ සිරකරුවන්ට තර්ජනය කිරීමක් සිදු නොකළ බව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

එම බන්ධනාගාර නිරීක්ෂණ චාරිකාවක් සඳහා පෙර දැනුම්දීමකින් තොරව තමන් එහි ගිය බවද ඔහු කියා සිටී.

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් ට තමන් තර්ජන නොකළ බව පැවසූ ඔහු එසේ කරන්නට තරම් තමන් මෝඩයකු නොවන බවද සාමාන්ය පරීක්ෂණයක් සඳහා පමණක් එහි ගිය බවත් ඔහු පවසයි.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ එල්ලුම්ගස නැරඹිම සදහා තමා සාමාන්‍ය පරීක්ෂණයක් ලෙස සහභාගී වූ නමුත් බීමතින් නොසිටි බවත් මිතුරන් හෝ කාන්තාවක් ඒ සමග එක් නොවූ බවත් ඔහු කියයි.

විෂයභාර අමාත්‍ය වරයා ලෙස තමන්ට රට පුරා ඇති බන්ධනාගාර විසිනවයක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වලට දිවා රාත්‍රී ඕනෑම වෙලාවක යාමට හැකි බවත් තමන් කිසිවකුට නොදන්වා එහි ඇතුළු වන්නේ ඒවායේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට බවත් ඔහු සදහන් කලේය.

තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පැහැදිලි කරන බවත් පවසන ඔහු මැණික් සහ ස්වර්ණාභාරන ආශ්‍රිත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස රාජකාරි කටයුතු අඛණ්ඩව කරගෙන යන බවද සඳහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ ඩේලි මිරර් පුවත් පත සමග අදහස් පල කරමිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
16
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Breaking News | රටම අවධානයෙන් ! කාලගුණයෙන් රතු එළි | නවතම තත්ත්වය LIVE
00:00
Video thumbnail
රත්නපුර මහා නගර සභාවේ වැසිකිළියට විශාල ගලක් කඩා වැටෙයි
01:19
Video thumbnail
කඩාහැලෙන මහ වැස්ස රට පුරා කරලා තියන විනාශය
05:11
Video thumbnail
පාසල් ළමුන් ගමන් කළ බස් රථයක් සහ ලංගම බසයක ගැටී සිදු වූ අනතුර
00:56
Video thumbnail
ගංගා අවට ජීවත් වෙන ජනතාව අවදානෙන් ඉන්න
02:41
Video thumbnail
රාජාංගන සහ අංගමුව ජලාශවල වාන් දොරටු විවෘත කරයි
01:13
Video thumbnail
කිරිඳිඔය සහ නිල්වලා ගඟේ ජල මට්ටම ඉහළට - අවට මිනිස්සු ප්‍රවේශම් වන්න
01:29
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:23:51
Video thumbnail
රට පුරා ඇදහැලෙන වැස්ස ගැන ජනතාවට අනතුරු අඟවයි
05:09
Video thumbnail
බොරැල්ල මහ පාරට විශාල දැන්වීම් පුවරුවක් කඩා වැටෙයි
00:58