කොවිඩ් නිසා ගම්පොල රෝහලට ඇතුලත් කල පොලිස් සැරයන් අතුරුදන්

කොවිඩ්-19 වැළඳී ගම්පොළ මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කොත්මලේ පොලිසියේ සැරයන්වරයෙකු අතුරුදන් වීමක් සම්බන්ධයෙන් ගම්පොළ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේනවා.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ නුවරඑළිය, කොත්මලේ පොලිසියේ අවසන් වරට රාජකාරි කටයුතු සිදු කළ සැරයන්, සුප්පයියා ඉලන්ගෝවන් නමැති 56 හැවිරිදි නැමති පොලිස් නිලධාරිවරයෙක් බවටයි වාර්තා වන්නේ.

වසර 33 කාලයක් පොලිස් සේවයේ යෙදී සිටි සුප්පයියා ඉලන්ගොවන් පොලිස් සැරයන්වරයා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ ආරක්ෂක නිලධාරිවරයෙකු වශයෙන් රාජකාරි කර ඇති අතර පසුව නුවරඑළිය පොලිසියේ රාජකාරි කටයුතු සිදු කර තිබේ.

අනතුරුව ඔහු මීට මාස දෙකකට පමණ ප්‍රථම කොත්මලේ පොලිසියට මාරුවීමක් ලබාගෙන ගොස් ඇති බවටයි අප වාර්තා කරු සඳහන් කළේ.
.
අතුරුන් දැන්වූ සැරයන්වරයා කොවිඩ්-19 වැළඳී පවුලේ සමාජිකයන් ද සමග අගොස්තු මස 31 වන දින සිට නිවසේ නිරෝධායනය වෙමින් සිටි බවත් ඉන් අනතුරුව රෝග ලක්ෂණ කිහිපයක් මතුවීම හේතුවෙන් සැප්තැම්බර් මස 8 වන දින ගම්පොළ මහ රෝහල වෙත ඇතුළත් කළ බවටයි වාර්තා වන්නේ.

අනතුරුව ඔහු එම රෝහලේ 10 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිට තිබේ.

තම පියා රෝහලට ඇතුළත් කර දිනයේදී ම රෝහල් පාලන අධිකාරිය නේවාසිකව ප්‍රතිකාර ලැබූ තම පියා රෝහලෙන් පැන ගොස් ඇති බවට දැනුම් දුන් බව අතුරුදහන් වූ සැරයන්වරයාගේ පුතා කියා සඳහන් කර තිබේනවා

කෙසේ වෙතත්, තම පියාට රෝහලෙන් පැන යාමට හෝ එසේ පැන ගොස් සැඟවී සිටීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව, අතුරුදන් වී ඇති තම පියා සොයා දීමට අවශ්‍ය කටයුතු කරන මෙන් පොලිසියෙන් සැරයන්වරයාගේ බිරිඳ ද ඉල්ලා සිටින බවයි අප වාර්තාකරු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01