කොවිඩ් රෝහලක ගින්නකින් 10 දෙනෙකු මරුට

උතුරු මැසිඩෝනියාවේ කොවිඩ් ප්‍රතිකාර රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබෙනවා.

එරට සෞඛ්‍ය අමාත්‍ය වෙන්කෝ පිලිප්ස් සඳහන් කළේ ටෙටෝවෝ නගරයේ රෝහලක ගින්න හටගෙන ඇති බවයි.

ගින්නෙන් තවත් රෝගීන් කිහිපදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ගින්න පාලනය කිරීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර ගිනි ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ

120443325 hi070448914