සන්ෂයින් සුද්දාගේ ඝාතන පරීක්ෂණ හඬ පටයක් නිසා වෙනස් වෙයිද?

දකුණු පළාතේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම මාකඳුරේ මධුෂ්ගේ සමීපතයකු වන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා නොහොත් “සන්ෂයින් සුද්දා” වෙඩි තබා මරා දැමූ පුද්ගලයන් හඳුනා ගැනීම හා ඔහු මරා දැමීමට හේතු වූ කරුණු කාරණා අනාවරණය කර ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් පැති තුනක් ඔස්සේ විමර්ශන තුනක් අරඹා ඇති බව අද (06) පුවත්පත් වාර්තා කර තිබෙනවා.

සන්ෂයින් සුද්දා ඝාතනය කරනු ලැබුවේ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “හරක්කටා” සමඟ තිබූ ආරවුලක් හේතුවෙන්ද නැතහොත් ඔහුගේ අනියම් සබඳතාවක් නිසාද එසේත් නැතිනම් දිගින් දිගටම දකුණු ප්‍රදේශයෙන් හරක්කටා නමැත්තාට අයත් මත්ද්‍රව්‍ය කොටුකර දීම සඳහා පොලිසියට ඔත්තු දීම නිසාද යන්න අනාවරණය කර ගැනීම මෙම විමර්ශන කණ්ඩායම්වල කාර්යභාරයයි.

ඉකුත් 3 වැනිදා දහවල් සන්ෂයින් සුද්දා ඝාතනය වීමත් සමඟ පොලිසිය සැකකළේ ඔහු මරා දැමීම ‘හරක්කටා’ගේ ගෝලයන් විසින් සිදුකරන්නට ඇති බවය. ඊට හේතුව වූයේ හරක්කටා විසින් ඔහුගේ ගෝලයකු ලවා ඉකුත් වසරේ මැයි 30 වැනිදා සන්ෂයින් සුද්දා ඝාතනය කිරීමට වෙඩි ප්‍රහාරයක් සිදුකර තිබූ නිසාය. වැලිගම ධීවර වරාය ආසන්නයේදී සිදුකළ මෙම වෙඩි තැබීමෙන් සන්ෂයින් සුද්දා පණ බේරා ගත්තද ඔහුගේ අතකට තුවාල සිදුවිය.

මේ හේතුව නිසා පොලිසිය ‘හරක්කටා’ පිළිබඳ සැක කළද සන්ෂයින් සුද්දාගේ අනියම් බිරියක් පොලිසියට දුන් ප්‍රකාශයක් හා හඬ පටයක් නිසා පරීක්ෂණ තවත් දිසාවකට යොමු වී ඇති බව වාර්තා වනවා.

සන්ෂයින් සුද්දා ඝාතනය කරන බවට මීට දින කිහිපයකට පෙර ඇයගේ ජංගම දුරකථනයට ලැබුණු හඬ පටයක සඳහන් වන අතර තම සැමියා දෙවතාවක්ම සුද්දා මරන්නට උත්සාහ කළ බව ඔහු විසින් එම ඇමැතුමෙන් පවසා ඇතැයි ඇය පොලිසියට පවසා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්ද අල්ලස් කොමිසමට ගිය එක ගැන ජනපති අනුර කතාකරයි
03:23
Video thumbnail
සුන්බුන් විපක්ෂයේ කොහෙද දක්ෂ සාමාජිකයෝ..ටයිකෝට් නැට්ටුවට තරම් ඩබල් පොකට් නැට්ටුවට නටන්න බෑ
02:40
Video thumbnail
පාඨලී ටිල්වින්ගේ වීඩියෝවක් ලීක් කරයි..අනේ අපේ ටිල්වින් සිල්වා නඩු අහනවා
02:27
Video thumbnail
මහින්දටත් රනිල්ටත් අත තියන්න එන්න එපා
01:10
Video thumbnail
"මේ ඉන්නේ මහින්දට ආදරය කරන පිරිස..යකෝ මේ ආවේ බයට නෙවෙයි ආදරයට"
01:29
Video thumbnail
මහින්ද අයියා වෙනුවෙන් ගෝඨාභය මල්ලි මහ සෙනඟ මැදින් දුවගෙන එයි..අයින් වෙන්න අයින් වෙන්න
02:02
Video thumbnail
මහින්දට අත තියලා මාලිමාවේ මළගම සිද්ධ කරගන්න එපා
03:13
Video thumbnail
මෙන්න ඩබල් පොකට්ලගේ කෙරුවාව..ඩබල් පොකට් තඹුත්තේගමින් ගෙනාපු සල්ලිද ? විමල්ට යකා වැහෙයි
08:14
Video thumbnail
අනුරට පුළුවන් නම් මහින්ද මහත්තයාව ඇතුලට දාලා පෙන්නන්නකෝ
02:11
Video thumbnail
මගේ පණ මහින්ද - මහින්ද අල්ලස් කොමිසමෙන් පිටව යයි
01:23