පහන්තුඩාව සිද්ධියේ යුවළට පොලිස් ඇප

රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේ පිහිටි පහන්තුඩාව දියඇල්ල පසුබිම් කරගනිමින් අසභ්‍ය වීඩියෝ පටයක් නිර්මාණය කර අසභ්‍ය ලේඛන පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි අත්අඩංගුවට ගත්  යුවල පොලිස් ඇප මත මුදාහැරී බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි .

ලබන 16 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් එම තරුණිය සහ තරුණයා පොලිස් ඇප මත මුදා හළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ  නිලධාරියෙකු සඳහන් කළේය.

මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් තරුණයා කෝවිඩ් ආසාදිතයකු ලෙසට හඳුනාගෙන ඇති අතර, එම තරුණිය ද කෝවිඩ් ආශ්‍රිතයකු වීම හේතුවෙන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකොට පොලිස් ඇප මත මුදා හළ බව ද  එම නිලධාරියා පැවසීය.

1983 අංක 22 දරන අසභ්‍ය ප්‍රකාශන පනත සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 285, 286 වගන්ති ප්‍රකාරව  අසභ්‍ය දර්ශන නිෂ්පාදනය, සන්තකයේ තබාගැනීම, බෙදාහැරීම සිදු කරමින් මෙම සැකකරුවන් වරදක් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තරුණ යුවළ අත්අඩංගුවට ගෙන තිබුණේ පෙරේදා (02) සවස 4.30 පමණ මහරගම ප්‍රදේශයේ දී ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමාජ මාධ්‍ය අපරාධ විමර්ශන අංශය විසින් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ පොලිස් ඇප මත මුදාහැර ඇත්තේ , මහරගම පමුණුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි ඡායාරූප ශිල්පියකු සහ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි විසි පස් හැවිරිදි රූපලාවන්‍ය ශිල්පිනියකි.

– නිමන්ති රණසිංහ

  1. අර පහන්තුඩාවෙ වීඩියොවෙ කෙල්ලගෙ ලිපිනය හරි ටෙලෙපොන් නම්බරය දන්න කෙනෙක් දමන්න ; මට එකිට උදව් කරන්න ආස්යි ; එයාගෙ හැකියාවන් දියුනු කරන්න , එයාට ඇමරිකාව වාගෙ ප්‍රංසය වාගෙ රටක ලොකු මුදලකට රන්ගපාන පුලුවන් ; මිලියන ගනනක් සොයා ගන්න ඉතා ඉක්මනින් ; මට ඔනෙ එයාට උදව් කරන්න, ඒ ගමන් මමත් ආසයි එයාගෙන් අර වාගෙ උදව්වක් ඉල්ලගන්නත් ; දන්න කෙනෙක් මට එයාව සම්බන්ද කරන්න



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12