පහල රාජගිරිය හන්දිය ආසන්නයේ මාර්ගය දෙපස ජල කාණු ආවරණයට සවිකර තිබූ සවි කර තිබූ රුපියල් හැත්තෑපන් දහසක් වටිනා යකඩ තොගයක් සො රා ගත් කාන්තාවක් ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ( 26 32 38 ) වයසේ පදිංචි තිදෙනෙකු බව පොලිසිය කියයි.
නිරෝධායන ඇ’ඳිරිනීති ක්‍රියාත්මක අවස්ථාවේදී අත්‍යවශ්‍ය සේවා වලට යන මුවාවෙන් ත්‍රීරෝද රථයකින් පැමිණ රාජගිරිය හන්දිය ආසන්න මාර්ගයේ දෙපස ජල කාණු ආවරණයට සවි කර තිබූ යකඩ ආවරණ තොගයක් මෙසේ සො’රාගෙන ගොස් තිබුණි.
පසුව මේ පිළිබඳව දුටු යාබද ගොඩනැගිල්ලක හිමිකරුවකු කාර්යාලයේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදී කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනකු අවස්ථා තුනකදී පැමිණ ඉතා සූක්ෂම ලෙස මෙම යකඩ ආවරණ ත්‍රිරෝද රථයට පටවා ගෙන යන අයුරු දැක තිබුණි.
පසුව මේ පිළිබඳව වැලිකඩ පොලීසියට කළ පැමිණිල්ලකට අනුව ත්‍රීරෝද රථයේ අංකය ඔස්සේ වි’මර්ශනය සිදු කොට සිද්ධියට සම්බන්ධ සැ’කකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත කෝරළගේ මහතාගේ උපදෙස් මත දූ’ෂණ ම’ර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් (37723) රංජිත් මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් ( 60395 ) සම්පත් පොලිස් කොස්තාපල් ( 71733 )අජිත්,( 83774 )සුධීර ( 98838 )පෙරේරා ඇතුළු නිලධාරීහු වැ’ටලීම සිදුකළහ.