ගැටගසා මුහුදට දැමූ මළ සිරුරක් සංගුපිටිය මුහුදේ තිබී හමුවෙයි

නයිලොන් ලණුවකින් අතපය බැඟ පොලිතීන් රෙද්දක ඔතන ලද  පිරිමි  මළ සිරුරක් කිළිනොච්චිය පුනරීන් සංගුපිටිය මුහුදේ තිබී පොලීසිය පසුගිය 28 දා සොයා ගෙන තිබේ. සංගුපිඩ්ඩි පාලම මාර්ගයේ ගමන්ගත් පිරිසක් විසින් අදාල මළ සිරුර මුහුදේ පාවෙනු දැක ඒ බව පුනරීන් පොලීසියට දැනුම්දීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් අදාල ස්ථානයට ගොස් මළ සිරුර ගොඩට ගැනීමට පියවර ගෙන ඇත. පාවෙමින් තිබූ මළ සිරුර නරක්ව තිබූ බවත් නයිලොන් ලණුවකින් අතපය ගැටගසා මුහුදට දමා ඇතිසෙයක් හඳුනාගත හැකි බවත් දන්වා ඇත.පොලීසිය මළ සිරුර පරීක්ෂණ කටයුතු සදහා කිළිනොච්චිය රෝහලට බාර දී ඇති අතර මෙම පුද්ගලයා ඝාතනය කොට ඔහුගේ මළ සිරුර පොලිතීන් රෙද්දක ඔතා ලණු වලින් ගැට ගසා මුහුදට විසි කරන්නට ඇති බව සැකකරන බව පුනරීන් පොලීසිය පවසයි.

ගොඩට ගත් මළ සිරුර පරික්ෂා කිරීමේදී මළ සිරුර බොහෝ සෙයින් නරක්ව තිබීම නිසා හඳුනාගැනීමට නොහැකිව ඇති අතර මළ සිරුරේ අත් පා බැඳ සිරුර මාළු දැලකින් වැනි නයිලෝන් නූල් වලින් ඔතා මුහුදට දැමීම හේතුවෙන් එය ඝාතනයක් බවට පොලීසිය සැක පළ කර තිබේ.

මළසිරුර ප්‍රදේශයේ ධීවරයෙක්ගේදැයි සැකසහිත බවත් පොලිසිය මත පළ කර තිබේ.කිළිනොච්චිය අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය වන සතීස්කුමාර් විජයරාණී මහත්මිය විසින් එම මළ සිරුර සම්බන්ධයෙන් මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පවත්වා මියගිය පුද්ගලයා හදුනා ගැනීමටත්  සිද්ධිය පිළිබදව විමර්ශනය කොට සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත් පුනරීන් පොලිසියට නියෝග කොට තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස්
05:39
Video thumbnail
ආණ්ඩුව වමට සිග්නල් දාලා දකුණට යන්නේ - අධිකරණය බාල්දු කරන්න හදනවා
05:56
Video thumbnail
අපි හැමෝම දැන් සතුටින් ඉන්නේ - කනවා නෙමෙයි ලෙව කනවා
07:02
Video thumbnail
ජනාධිපතිට අභියෝගයක් - සජබයේ නව සංවිධායක ගේම ඉල්ලයි
03:47
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට දාපු කින්ඩිය - මේ ආණ්ඩුව මැතිවරණයට බයයි
02:12
Video thumbnail
රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවාට හමුදාපතිගෙන් උත්තමාචාරයක්
06:04
Video thumbnail
'ද ෆිනෑන්ස්' තැන්පත්කරුවන් 6300කට තාම සාධාරණයක් ඉටුවෙලා නෑ
06:21
Video thumbnail
සංගීත ප්‍රසංගවලින් ජනතාවට කරදරයක් වෙනවා නම් පොලිසියට කියන්න
03:11
Video thumbnail
22ට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය පාරට බහී
00:39
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05