කිලෝමීටර් 48ක් දුරින් ප්‍රභල භූ කම්පනයක්…සුනාම් තත්ත්වයක්?

ඉන්දුනීසියාවේ හෝලන්දියා ප්‍රදේශයට ආසන්නව භූ කම්පනයක් සිදුව තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ එහි ප්‍රභලත්වය මැග්නිටියුඩ් ඒකක 5.8 ක් පමණ වන බවයි.

කිලෝ මීටර් 48 ක් පමණ වන ගැඹුරු භූ පතුලේ එහි අපිකේන්ද්‍රය පිහිටා ඇති බවයි ඉන්දුනීසියාවේ කාලගුණ බලධාරීන් පැවසුවේ.

භූ චලනයෙන් හටගත් කම්පන තත්ත්වය ඉන්දුනීසියාවේ ප්‍රදේශ කිහිපයකටම දැනී තිබුණා.

කෙසේවෙතත්, මේවනතෙක් ඉන් සැලකිය යුතු හානියක් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත් ගැඹුරු මුහුදේ ඇති වූ මෙම භූකම්පනය නිසා ශ්‍රී ලංකාවට හෝ ඉන්දුනීසියාවට සුනාම් අනතුරු ඇඟවීමක් නිකුත් කර නැති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
17
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?