Empty Ad
Empty Ad
 Empty Ad

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අසල දී තරුණ යුවළක් ගිනිතබාගෙන දිවි නසා ගනී

මන්ත්‍රීවරයෙක් විසින් තමාව දූෂණය කළ බවට පොලීසියට පැමිණිලි කළ ඉන්දීය කාන්තාවක් තමාට පොලීසියෙන් සහ අධිකරණයෙන් හිරිහැර සිදුවන බව පවසමින් ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වෙයි.

24 හැවිරිදි එම කාන්තාව සහ ඇයගේ පිරිමි මිතුරෙක් තමන් මුහුණදී ඇති ගැටලුව ෆේස්බුක් ඔස්සේ සජීවී ව පැවසීමෙන් අනතුරුව ඇඟට පෙට්‍රල් හලා ගෙන අනතුරුව ගිනි දල්වා ගෙන තිබුණි.

ඉන් දෙදෙනාටම දරුණු පිළිස්සුම් තුවාල ඇතිවුණු අතර පිරිමි පුද්ගලයා සෙනසුරාදා (21) මියගිය අතර කාන්තාව අඟහරුවාදා (24) මරුමුවට පත්වූවාය. 

ඔවුන් දෙදෙනා ගිනිතබාගෙන තිබුණේ පසුගිය 16 වනදා ය.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වැසියන් වන ඔවුන් නව දිල්ලි අගනුවර, ශ්‍රේෂ්ඨාධිකරණය අසලට පැමිණ සියදිවි හානි කරගෙන තිබුණි.

තමන් මුහුණදී ඇති සමාජ අසාධාරණය ගැන වැඩි අවධානයක් දිනා ගැනීම සඳහා ඔවුන් එසේ කරන්නට ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

එම කාන්තාව දූෂණය කළ බවට චෝදනා එල්ල වන්නේ අතුල් රායි නම් මන්ත්‍රීවරයෙකු ට එරෙහිවය. එම සිදුවීම 2019 දී සිදුවී තිබුණි. 

අදාළ කාන්තාව පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනුණි. ඔහු මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවේ.

නමුත් පසුගිය නොවැම්බර් මාසයේදී සැකකරුගේ සහෝදරයා කාන්තාව ව්‍යාජ චෝදනාවක් කර ඇති බව පවසමින් පොලිස් පැමිණිල්ලක් කර තිබුණි. එම කාන්තාව අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කළාය.

නමුත් එම කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කිරීමට පසුගියදා අධිකරණය නියෝග කළේය.

එම කාන්තාව ෆේස්බුක් ඔස්සේ පැවසුවේ සැකකරු සමග සම්බන්ධකම් ඇති විනිසුරුවරයෙක් සහ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් තමාට හිරිහැර කළ බවය.

ඇය ඉන් කිහිපදෙනෙකුගේ නම් ද හෙළිකළාය.

හිරිහැර විඳ දරා ගැනීමට අපහසු බැවින් සහ සාධාරණයක් ඉටු නොවන බැවින් තමන් මෙම තීරණය ගත් බව සිරුරට ගිනි තබාගැනීමට පෙර ඔවුන් පවසා තිබුණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපති ඩයස්පෝරාවේ රූකඩයක් වෙලා? - ඊළඟ යුද්ධයට පිඹුරුපත් සකසමින් ඉන්නවා
02:23
Video thumbnail
දිව දෙකේ කතා කියන එක ජනාධිපතිගේ සහජ හැකියාව
03:59
Video thumbnail
අනුර කුමාර දිසානායක අලුත් වාර්ථාවක් තියලා තියෙනවා #anurakumaradissanayake
03:53
Video thumbnail
වික්ටෝරියා ජලාශයේ ස්වයංක්‍රීයව වාන් දොරටු විවෘත වන හැටි
01:32
Video thumbnail
කයිවාරු ගහපු වසන්තට සැර පිළිතුරු - මෙහෙම ගියොත් ගොවියා කබලෙන් ලිපට වැටෙනවා
08:49
Video thumbnail
පොහොර සහනාධාරය දෙන්න ආණ්ඩුව අසමත්වෙලා#npp #anurakumaradissanayake
02:13
Video thumbnail
පුදුම දුකක් තිබ්බේ ගොවියා ගැන - කිඹුල් කඳුලු හෙලපු නාමල් කරුණාරත්න දැන් කෝ ?
03:17
Video thumbnail
රට ගොඩගන්න හැදුවා විතරයි - මහ වැස්සක් කළ හදියක්
01:06
Video thumbnail
කලකට පසුව එළියට බැස්ස තිස්ස - ජාතික ලැයිස්තුව ගැන කටඅරී
01:00
Video thumbnail
අදනම් පුතාණෝ පට්ටම මීටරෙන් - අහන දේට තිතටම උත්ත දෙනවා / ජනතාව රවට්ටපු එක,හරි දෙයක් ද?
13:58

?