ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අසල දී තරුණ යුවළක් ගිනිතබාගෙන දිවි නසා ගනී

මන්ත්‍රීවරයෙක් විසින් තමාව දූෂණය කළ බවට පොලීසියට පැමිණිලි කළ ඉන්දීය කාන්තාවක් තමාට පොලීසියෙන් සහ අධිකරණයෙන් හිරිහැර සිදුවන බව පවසමින් ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි වාර්තා වෙයි.

24 හැවිරිදි එම කාන්තාව සහ ඇයගේ පිරිමි මිතුරෙක් තමන් මුහුණදී ඇති ගැටලුව ෆේස්බුක් ඔස්සේ සජීවී ව පැවසීමෙන් අනතුරුව ඇඟට පෙට්‍රල් හලා ගෙන අනතුරුව ගිනි දල්වා ගෙන තිබුණි.

ඉන් දෙදෙනාටම දරුණු පිළිස්සුම් තුවාල ඇතිවුණු අතර පිරිමි පුද්ගලයා සෙනසුරාදා (21) මියගිය අතර කාන්තාව අඟහරුවාදා (24) මරුමුවට පත්වූවාය. 

ඔවුන් දෙදෙනා ගිනිතබාගෙන තිබුණේ පසුගිය 16 වනදා ය.

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ වැසියන් වන ඔවුන් නව දිල්ලි අගනුවර, ශ්‍රේෂ්ඨාධිකරණය අසලට පැමිණ සියදිවි හානි කරගෙන තිබුණි.

තමන් මුහුණදී ඇති සමාජ අසාධාරණය ගැන වැඩි අවධානයක් දිනා ගැනීම සඳහා ඔවුන් එසේ කරන්නට ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.

එම කාන්තාව දූෂණය කළ බවට චෝදනා එල්ල වන්නේ අතුල් රායි නම් මන්ත්‍රීවරයෙකු ට එරෙහිවය. එම සිදුවීම 2019 දී සිදුවී තිබුණි. 

අදාළ කාන්තාව පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනුණි. ඔහු මේ වනවිට රිමාන්ඩ් භාරයේ පසුවේ.

නමුත් පසුගිය නොවැම්බර් මාසයේදී සැකකරුගේ සහෝදරයා කාන්තාව ව්‍යාජ චෝදනාවක් කර ඇති බව පවසමින් පොලිස් පැමිණිල්ලක් කර තිබුණි. එම කාන්තාව අදාළ චෝදනාව ප්‍රතික්ෂේප කළාය.

නමුත් එම කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තුවක් නිකුත් කිරීමට පසුගියදා අධිකරණය නියෝග කළේය.

එම කාන්තාව ෆේස්බුක් ඔස්සේ පැවසුවේ සැකකරු සමග සම්බන්ධකම් ඇති විනිසුරුවරයෙක් සහ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක් තමාට හිරිහැර කළ බවය.

ඇය ඉන් කිහිපදෙනෙකුගේ නම් ද හෙළිකළාය.

හිරිහැර විඳ දරා ගැනීමට අපහසු බැවින් සහ සාධාරණයක් ඉටු නොවන බැවින් තමන් මෙම තීරණය ගත් බව සිරුරට ගිනි තබාගැනීමට පෙර ඔවුන් පවසා තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල්ගේ ආරක්ෂයාට පහරදීපු සිද්ධියට පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුව ද..?
10:49
Video thumbnail
ලෝක ළමා දිනයේ ඇමති වසන්ත දරුවන් වෙනුවෙන් කිව්ව දේ..
11:45
Video thumbnail
රනිල්ට එල්ල කරපු ප්‍රහාරය ද ආරක්ෂකයාට වැදුණේ
10:42
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයාට එල්ල වූ ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕනේ
03:58
Video thumbnail
පිටිසර පාසලක දරුවන් අත්විඳින දුෂ්කරතා ගැන නෙතට කඳුලක් ගෙනෙන කතාවක්
08:43
Video thumbnail
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලද ආණ්ඩුව හිතාගෙන ඉන්නේ
08:33
Video thumbnail
රජයෙන් අපිට කිසිම සහනයක් නෑ, රජයෙන් කිසිම වැඩක් නෑ
05:30
Video thumbnail
අපි ජනාධිපතිතුමාව විශ්වාස කරනවා - ජනාධිපතිතුමා කිව්වා වගේම සහනාධාරයක් දෙයි
03:57
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක - මම මේකට ඇක්ෂන් එකක් ගන්නවාමයි
04:25
Video thumbnail
වැල්ලවායේ වෙළඳසැලක හටගත් විශාල ගින්න
01:57