කොවිඩ් වැළඳී මිය ගිය මාස පහක නූපන් කළලය

කොවිඩ් මාරයට බිලිවූ මාස පහක කළලය.. මාස 5ක් වූ නූපන් දරුවෙකු කෝවිඩ් වැළදී ගම්පොල ශික්ෂණ රෝහලේදී මියගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම මරණයට පෙර මෙරට අඩුම වයස් කොරෝනා මරණය වූ ඉපදී සති 8ක් වූ දරුවෙකු ද මියගොස් තිබුනේ ගම්පොලදීය. 

 මෙම නූපන් දරුවාගේ මව ගම්පොල නගරයේ නුවරඑළිය මාර්ගයේ පදිංචිකාරියක් වන අතර ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ නිසා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදෙමින් සිට ඇත. ඒ අතර තුර සති 20ක් (මාස 5) දරුවා පිලිබඳව වෛද්‍යවරු සැලකිල්ලෙන් සිටියද එම දරුවා කුස තුළ මියගොස් ඇති බව දැන පසුව දරුවා සැත්කමක් කොට එළියට ගෙන ඇත. එහිදී සිදුකල පරීක්ෂාවකදී මෙම දරුවා ආසාධිත බව හදුනා ගෙන ඇත.

36 හැවිරිදි මව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඇගේ පවුලේ සියලුදෙනා නිරෝධායනයට ලක් කිරීමට ගම්පොල නගර සභා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන ඇත.

ගම්පොල උඩපළාත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එම්.ෂාහිඩ් මහතා පවසන්නේ කොරෝනා වෛරසයට ලක්වන ගර්භනී මවක් විවිධ සංකූලතාවන්ට ගොදුරු වන නිසා මෙම වසංගතයෙන් ආරක්ෂා වීමට ගත හැකි සෑම පියවරක්ම ගැනීමට කටයුතු කළයුතු බවයි. මියගිය දරුවාගේ ආදාහනය අද (25දා) ගම්පොල නගර සභා ආදාහනාගාරයේදී සිදු කෙරිණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔන්ලයින් හයර් ආවා කියලා වීල් රියදුරාට ගහලා?
01:05
Video thumbnail
උඹේ සල්ලි ඕනේ නෑ මට, මම සල්ලිකාරයෙක් - මහ පාරේ ඇවිළුණු වලිය
03:21
Video thumbnail
මේ පාර්ලිමේන්තුව ලබන සිංහල අවුරුද්දට කළින් අවසන් වෙනවා
00:53
Video thumbnail
අනුර සර්, ඔයාට ගොඩාක් පිං - නේපාල කෙල්ලෙක් සිංහලෙන්ම ස්තූති කරයි
01:35
Video thumbnail
බුදු අම්මෝ කියවුණා.. නූලෙන් නේද ජීවිතේ..
00:31
Video thumbnail
ජනාධිපතිතුමා පාරේ යද්දිත් මිනිස්සුන්ගේ හිත්වලට දැනෙන සතුට බලන්න..
00:17
Video thumbnail
ටිල්වින්ටත් නඩු නෑ, අනුරටත් නඩු නෑ - රටේ දියුණුව වැළැක්වූවේ ජවිපෙ
03:47
Video thumbnail
ජනතාව වෙනුවෙන් මන් මැ#න්නත් බය නෑ - චාමරට යකා ආවේශ වෙයි
16:11
Video thumbnail
බලාගෙන හිටියා වජිරයට කොහොමද දඩුවම් කරන්නේ කියලා. ලබන සිංහල අවුරුද්දට කලින් මේ ආණ්ඩුව ඉවරයි..
00:20
Video thumbnail
වජිර කතාව පටන්ගන්න යද්දී එකපාරටම පිරිසක් වේදිකාවට ගොඩවෙයි
04:04